Search

ඔස්ට්‍රේලියාවේ Student Visa නීති මාර්තු 23 වනදා සිට වෙනස් වෙයි

මාර්තු 23 වනදා සිට ඔස්ට්‍රේලියාවේ Student Visa නීති වෙනස් වන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

 

එම නිවේදනයේ දැක්වෙන්නේ මාර්තු 23දායින් පසු ඉල්ලුම් කරන සෑම student visa අයදුම්කරුවෙකුම නව (ජෙනුයින් ස්ටුඩන්ට්) Genuine Student නිර්ණායක සපුරාලිම අනිවාර්ය වන බවයි.

 

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සදහා පැමිණෙන සිසුන් Genuine Temporary Entrant (GTE) නම් වු පරික්ෂණයකට මුහුණ දීමට සිදු වනු ඇති.

 

මෙම නීති මාර්තු 23 වනදාට පෙර අයදුම් කරන අයදුම්කරුවන්ට බලාත්මක නොවන අතර මාර්තු 23 වන දා හෝ ඊට පසු අයදුම් කරන සෑම student visa ලාභියෙකු සඳහාම බලපැවැත්වෙන බව සඳහන්.

 

මාර්තු 23 ට පෙර ඉදිරිපත් කරන ලද ඕනෑම අයදුම්පතක් පවත්නා විධිවිධාන සහ නිර්ණායක අනුව තක්සේරු කරනු ලබන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

පසුගිය දෙසැම්බර් මස ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ උපායමාර්ග හදුන්වා දීම යටතේ මෙම නව වෙනස්කම් හදුන්වා දී තිබුණා.

 

අධ්‍යාපනය අරමුණු කරගෙන Student visa යටතේ ඔස්ට්‍රේලියාවේ  අධ්‍යාපනය සදහා පැමිණෙන සත්‍ය සිසුන් හදුනා ගැනීම මෙහි අරමුණ බවද සදහන්.

 

නව පරීක්ෂණය මගින් ජාත්‍යන්තර සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා මට්ටම අවබෝධ කර ගැනීමට හැකිවන අතර ලබා ගන්නා ලකුණු මත student visa සදහා ප්‍රමුඛතාව ලබා දෙන බවද සදහන්.

 

ජාත්‍යන්තර සිසුන් සඳහා වන නව Genuine Temporary Entrant පරීක්ෂණය මගින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම මෙහි අරමුණයි.