ජීවන වියදම ඉහළ ගියත් ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය ආතතිය පහතට

ඔස්ට්‍රේලියානුවන්ගේ මුල්‍ය පීඩනය සියයට 23 දක්වා පහත වැටී ඇති බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

 

Finder ආයතනය විසින් සිදුකළ අධ්‍යයනයක දි හෙළිව ඇත්තේ 2023 ජූලි මාසයේදී පැවති සියයට 31ක් වූ මුල්‍ය ආතතිය මෙම වසරේ මාර්තු මස වන විට සියයට 23 දක්වා පහත වැටී ඇති බවයි.

පාරිභෝගිකයින්ගේ මූල්‍ය ආතතිය පහව ගියද ජීවන වියදම් අර්බුදය තවදුරටත් එලෙසම පවතින බවයි ආර්ථික විශේෂඥයින් සදහන් කර ඇත්තේ.

ආර්ථික විශේෂඥයින් 41 දෙනෙකුගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායමක් මෙරට ගෘහාශ්‍රිත මූල්‍ය ආතතිය පිළිබද අධ්‍යයනය සිදු කර තිබුණා.

තවද ෆයින්ඩර් හි පාරිභෝගික පර්යේෂණ ප්‍රධානී ග්‍රැහැම් කුක් පැවසුවේ බැංකු පොලී අනුපාතිකය තවදුරටත් ස්ථාවර අගයක පැවතීම මීට හේතුව බවයි.

මූල්‍ය ආතතිය යම්තාක් අඩුවුව ද කුලි නිවාස අර්බුදය තවදුරටත් එලෙසම පවතින බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සමීක්ෂණයට සහභාගිවුවන්ගෙන් සියයට 48ක් සදහන් කර ඇත්තේ 2024 වසරේදී ගෘහාශ්‍රිත මූල්‍ය ආතතිය ක්‍රමයෙන් අඩුව ඇති බවයි.

තමන්ගේ මූල්‍ය ආතතිය කොතැනද යන්න අවබෝධයක් නොමැති බව සමීක්ෂණයට සහභාගිවූවන්ගෙන් සියයට 52ක් සදහන් කර තිබෙනවා.

මේ අතර ඉදිරි මාස 6 තුළ ප්‍රධාන දර්ශක 5ක් යටතේ  ඔස්ට්‍රේලියානුවන්ගේ මුල්‍ය ආතතිය මැන බැලීමට නියමිත අතර දැරිය හැකි නිවාස මිල, රැකියා, වැටුප් වර්ධනය, ජීවන වියදම සහ ගෘහාශ්‍රිත ණය එම නිර්නායක වනවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »