ලොව වැඩිම මාර්ග ගාස්තු අය කරන ඔස්ට්‍රේලියාවේ නගරය

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අධිවේගී මාර්ග සඳහා අය කෙරෙන අධික ගාස්තු හමුවේ රියදුරන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වෙනත් අතිරේක මාර්ගවලට යොමුවී ඇතැයි සමීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ හිටපු සභාපති ඇලන් ෆෙල්ස් සහ ඩේවිඩ් කසින්ස් විසින් සිඩ්නිහි ගාස්තු ක්‍රමය පිළිබඳ සිදු කරන ලද ස්වාධීන සමාලෝචනයක් මගින් හෙළිවී ඇත්තේ මෝටර් රථ හිමියන් මේ වසරේ සිට 2060 වසර අතර කාලය තුළ ඩොලර් බිලියන 195ක ගාස්තුවක් ගෙවනු ඇති බවටයි.

අධික ගාස්තු හමුවේ රියදුරන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් ගාස්තු රහිත මාර්ගවලට යොමු කර ඇති බව ද එමගින් තහවුරු වී තිබෙනවා.

සිඩ්නි විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පාසලේ ඩේවිඩ් ලෙවින්සන් පැවසුවේ ගාස්තු අය කරන අධිවේගී මාර්ග රියදුරන් විසින් අඩුවෙන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ ගාස්තු වැඩි වීම හමුවේ බවයි.

මෙම තත්ත්වය මත ප්‍රාදේශීය මාර්ග තුළ වාහනවල විශාල වැඩිවීමක් පවතින අතර එමගින් ආරක්‍ෂිත ගැටළු මෙන්ම තමන්ට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බවටයි ජනතාව චෝදනා කරන්නේ.

සිඩ්නි යනු ලෝකයේ වැඩිම මාර්ග ගාස්තු අය කෙරන නගරය වීම හේතුවෙන් බොහෝ මෝටර් රථ රියදුරන් ලෝකයේ ඉහළම ගාස්තු ගෙවීමෙන් වැළකී සිටීමට විකල්ප මාර්ගයක් සෙවීමට උත්සාහ කිරීම පුදුමයක් නොවන බවයි විචාරකයන්ගේ මතය වන්නේ.

ගාස්තු අය කරන මාර්ගවල ගැටලු සක්‍රියව විසඳා ගැනීම ගාස්තු සහන යෝජනා ක්‍රමවලට වඩා හොඳ බව ද සමීක්ෂණයෙන් අනාවරණය කරගෙන තිබෙනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »