වඳවීයන රතු පැන්ඩා පැටවුන් දෙදෙනෙක් සිඩ්නි සත්වෝද්‍යානයේදී උපත ලබයි

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති රතු පැන්ඩා පැටවුන් යුවලක් සිඩ්නි හි ටරොංගා සත්වෝද්‍යානයේ දි උපත ලබා තිබෙනවා.

 

මෙම රතු පැන්ඩා පැටවුන් යුවල පසුගිය දෙසැම්බර් මස උපත ලබා ඇති අතර මොවුන්ගේ උපන් බර සටහන්ව ඇත්තේ ග්‍රෑම් 100ක් ලෙසයි.

 

රතු පැන්ඩා පැටවුන් දෙදෙනා ආරක්ෂිතව මෙන්ම නීරෝගීව පැන්ඩා මව සමග සත්ව උද්‍යානයේ සිටින බවයි වාර්තා වන්නේ

 

රතු පැන්ඩා විශේෂ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර ලොව පුරා රතු පැන්ඩාවුන් 10000ක් පමණ ඇති බවයි ඇස්තමේන්තුගත කර ඇත්තේ.

 

මෙම පැටවුන් යුවල මෙතෙක් මහජන ප්‍රදර්ශණය සඳහා ඉදිරිපත් කර නොමැති අතර නුදුරේදීම සත්ව උද්‍යානය තුළ රතුපැන්ඩා යුවල දැකගැනීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානුවන්ට උදා වනු ඇති.

 

මේ අතර ඔස්ට්‍රේලියාවේ වඳවීයෑමේ තර්ජනයට ලක්ව ඇති සතුන් පිළිබද සොයා බැලීමට සත්ව සංවිධාන පියවර ගෙන තිබෙනවා.

 

සත්ව සංවිධාන පෙන්වා දී ඇත්තේ ඔස්ට්‍රේලියාව තුළ  වඳවීයෑමේ වැඩිම තර්ජනයක් සහිත සත්ව විශේෂය ලෙස කෝලා සතුන් හැදින්වෙන බවයි.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

Read More »