Search

වසර 20කට පසු ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහනයට වෙනසක්

ෆෙඩරල් රජය වසර 20ක පමණ කාලයකට පසු පොදු ප්‍රවාහනයේ ප්‍රමිතීන්වල සිදු කරනු ලබන ප්‍රධාන වෙනස්කම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රට පුරා ඇති ඔස්ට්‍රේලියානු ප්‍රවාහන පද්ධති තුළ
ආබාධ සහිත පුද්ගලයින්ට අවශ්‍ය ප්‍රවේශතා ප්‍රමිතීන් බලාත්මක නොවන බවටයි පසුගිය සමයේ චෝදනා එල්ලවී තිබුණේ.

ආබාධිත ප්‍රජාව ඉල්ලා සිටියේ ප්‍රවාහන සමාගම් සහ ප්‍රාන්ත සහ ප්‍රාදේශීය රජයන් හැකි ඉක්මනින් නව ප්‍රමිතීන් අනුගමනය කළ යුතු බවටයි.

ඒ අනුව ආබාධ සහිත මිලියන ගණනක් වූ ඔස්ට්‍රේලියානුවන්ට පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ යටතේ, පොදු ප්‍රවාහනය සම්බන්ධ කාලසටහන් සහ ඊට අදාළ යාවත්කාලීන කිරීම් ආබාධිත ප්‍රජාවට ද පහසුවෙන්ම දැක බලා ගත හැකි ආකාරයෙන් ප්‍රදර්ශනය අවශ්‍ය වනු ඇති.

කුලී රථවලට, ආබාධිත පුද්ගලයන්ගේ රෝද පුටු වෙත පහසුවෙන්ම ළඟා විය හැකි ආකාරයෙන් ඉඩ පහසුකම් ඉහළ නැංවීමට ද පියවර ගැනෙනවා.

රෝද පුටු භාවිතා කරන්නන් වඩාත් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට ඉඩ සැලසීම මෙන්ම ඔවුන් නියමිත ස්ථානවලදී පොදු ප්‍රවාහන සේවා රථවලින් පහසුවෙන් බැස්සවිය හැකි ආකාරයෙන් අවශ්‍ය සැලසුම් සකස් කිරීමට ද නියමිතයි.

බස් රථ සහ ට්‍රෑම් ඇතුලු පොදු ප්‍රවාහන සේවාවල ඊළඟ නැවතුම සම්බන්ධයෙන් සිදු කරන නිවේදනවලට සංඥා සහ ශ්‍රව්‍ය යන ක්‍රම දෙකම ඇතුළත් වීම අනිවාර්ය කිරීම සහ ප්‍රවාහන සමාගම්වල කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ භූමිකාවන් මෙන්ම නීතිමය වගකීම් අවබෝධ කර දීමට අදාළ සමාගම් වග බලා ගත යුතු වනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන පද්ධතිය අසාර්ථක බවට ආබාධිත පුද්ගලයන් රැසක් චෝදනා කරන අතර වෙනස් කොට සැලකීමට සහ ඊට දඬුවම් කිරීමට ඇති නීති ප්‍රවාහනයේ නිරතවන්නන් පිළිපැදීම හෝ බලාත්මක කිරීම සිදු නොකරන බවටයි චෝදනා එල්ල වන්නේ.

නව සංශෝධන නිවේදනය කරමින් ෆෙඩරල් ප්‍රවාහන අමාත්‍ය කැතරින් කිං පැවසුවේ මෙය වසර 20 කට පෙර හඳුන්වා දුන් ප්‍රමිතීන්වල පළමු ප්‍රධාන ප්‍රතිසංස්කරණය බවයි.

ප්‍රවාහනය සඳහා වගකීම ප්‍රාන්ත සහ ප්‍රදේශ ආන්ඩු සතුව පවතින අතර ඔවුන් අනුගමනය කළ යුතු ප්‍රමිතීන් සකස් කරනු ලබන්නේ.ෆෙඩරල් රජයයි.

ඕස්ට්‍රේලියාවේ මිලියන 4.4 ක ජනතාවක් ආබාධිත තත්ත්වයෙන් ජීවත් වන අතර, ප්‍රවාහන සමාගම් සහ ප්‍රාන්ත සහ ප්‍රදේශ ආන්ඩු හැකි ඉක්මනින් නව ප්‍රමිතීන් අනුගමනය කළ යුතු බවටයි ඉල්ලීම් ඉදිරිපත් වී ඇත්තේ.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »

දකුණු ආසියාතික රටකට හිමිවන විශේෂ Visa කාණ්ඩයක් අද සිට Open

Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුම ඉහළ නංවා තිබෙනවා.

Read More »