
අද සිට සමාජ ආරක්ෂණ ගෙවීම් ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබෙනවා.
මෙමගින් මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ට තවත් අමතර මුදල් ලැබෙනු ඇති බවයි විචාරකයන්ගේ මතය වන්නේ.
නව වැඩසටහන යටතේ අද සිට සිට, විශ්‍රාම වැටුප්, ආබාධිත ආධාර සහ රැකවරණ ගෙවීම් තනිකඩයන් සඳහා දෙසතියකට ඩොලර් 19.60කින් සහ යුවළ සඳහා දෙසතියකට ඩොලර් 29.40 කින් ඉහළ යනු ඇති.

මේ අනුව විශ්‍රාම වැටුප් අතිරේකය සහ බලශක්ති අතිරේකය ඇතුළුව, උපරිම විශ්‍රාම වැටුප් අනුපාතය තනිකඩයන් සඳහා දෙසතියකට ඩොලර් 1116.30ක් සහ ජෝඩු සඳහා දෙසතියකට ඩොලර් 1682.80ක් වනවා.
විශ්‍රාම වැටුප් ලබන්නන් යනු ප්‍රජාවන්ගේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයින් වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සමාජය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම වැඩ කර ඇති බවයි ෆෙඩරල් සමාජ සේවා ඇමති අමන්දා රිෂ්වර්ත් ප්‍රකාශ කළේ.

JobSeeker හෝ හවුල්කාර දෙමාපිය ගෙවීම්වල සිටින යුවළකගේ සෑම ළමයෙකුටම සති දෙකකට අමතර ඩොලර් 12.30ක් ලැබෙන අතර බලශක්ති අතිරේකය ඇතුළුව ඔවුන්ට දෙසතියකට වරක් ලැබෙන ගාස්තුව ඩොලර් 706.20 දක්වා වැඩිවනවා.
තනි මාපිය ගෙවීම් ලබන්නන්ට දෙසතියකට අමතර ඩොලර් 17.50ක් ලැබෙනු ඇති.
ඒ අනුව විශ්‍රාම වැටුප් අතිරේකය, ඖෂධ දීමනාව සහ බලශක්ති අතිරේකය ඇතුළුව ඔවුන්ගේ දෙසතියකට වරක් ගෙවීම ඩොලර් 1006.50 දක්වා වැඩි වනවා.
ගෙවීම් අනුපාත සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස අද සිට ඉහළ යන ගෙවීම් සඳහා ආදායම් සහ වත්කම් සීමාවන් ද ඉහළ යනු ඇතැයි සඳහන්.