Search

ගර්භණි සමයේ වැළඳීමට නුසුදුසු රෝගයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාව පුරා පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වෛරස අවදාමක් පිළිබද සෞඛ්‍ය අංශ මහජනතාව දැනුවත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිල සංඛ්‍යාලේඛන දත්ත අනුව වසරේ මේ දක්වා ගෙවුණු කාලසීමාව තුළ ඉන්ෆ්ලුවෙන්සා ආසාධිතයින් 24019ක් වාර්තා වී ඇති බව සදහන්.

එම අගය පසුගිය වසරේ මෙම කාලසීමාව හා සැසදීමේ දී සියයට 29ක වර්ධනයක් බවයි වාර්තා වන්නේ.

සත්‍ය රෝග ආසාධිතයින්ගේ අගය තවදුරටත් ඉහළ යා හැකි අතර ජනතාව අදාළ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම කෙරේ අවදානය යොමු කළ යුතු බවයි දැක්වෙන්නේ.

කොවිඩ් වසංගත අවධානම යම්තාක් පහව ගියද 

ඉන්ෆ්ලුවෙන්සා ආසාධිතයින්ගේ වැඩිවීමක් පවතින බවයි ප්‍රතිශක්තිකරණ සන්ධානයේ ප්‍රධාන විධායක ආචාර්ය ඇන්ඩෲ මින්ටන් පවසන්නේ.

ළමුන් මෙන්ම වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට හට ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් වැඩි අවදානමක් පවතින අතර දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත් පුද්ගලයින් මේ පිළිබද අවධානයෙන් පසුවීම වැදගත්.

විශේෂ යෙන් අප්‍රේලි සිට ජුනි අතර කාලසීමාව තුළ ඉන්ෆ්ලුවෙන්සා ආසාදිතයින් සංඛ්‍යාව තුන්ගුණයකින් ඉහළ යා හැකි බැවින් ජනතාව අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස වැඩිදුරටත් සදහන්.

‍රොණ රෝගී තත්වය ඉන්ෆ්ලුවෙන්සා හි ප්‍රධාන රෝග ලක්ෂණයක් වන අතර දින තුණකට එහා පවතින උණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත්.

එසේම ගර්භනී මව්වරුන්ට ඉන්ෆ්ලුවෙන්සා ආසාධනයෙන් ජිවිත අවදානමක් පවා ඇති විය හැකි බවයි වෛද්‍යවරුන් සදහන් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »