
ගිනි ඇවිලීමේ අවදානමක් හේතුවෙන් Mercedes Benz මෝටර් 1983ක් ආපසු කැදවා තිබෙනවා.
සමාගම් බලධාරීන් ප්‍රකාශ කළේ ගිනි ගැනීමට ලක්විය හැකි නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් Mercedes Benz මාදිලි 8ක් මෙලෙස කැදවා ඇති බව සදහන්.
බලපෑමට ලක්වූ වාහන අතර 2023 සහ 2024 වසර වල නිශ්පාදිත Mercedes Benz C-Class, E-Class, S-Class, SL ,CLE ,EQE ,EQS සහ AMG යන මාදිලි 8 ඇතුලත්.

අභ්‍යන්තර කාර්මික දෝශයක් හේතුවෙන් වාහනය ධාවනය අතර්තුර ගිනිගැනීමට ලක්වීමේ අවධානම පවතින බවට වාර්තා වීමත් සමග එම වාහන යලි කැදවා ඇති බව නිවේදනය කෙරෙනවා.
එම වාහනය පදවන රියදුරු මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙක් වාහන සහ පදිකයින්ගේ ද ජිවිත අවදානම ඉහළ යා හැකි බබ එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

වදානමට වාහනවල VIN අංක ඇතුලත් නාමාවලියක් Mercedes Benz වෙබ් අඩවියේ සදහන් කර ඇති අතර අදාලැ වාහන අලෙවි නියෝජිතයින් හා සම්බන්ධවී නොමිලේම අලුත් වැඩියා කර ගැනීමට හැකියාව පවතිනවා.
මේ පිළිබද වැඩිදුර තොරතුරු 1300 762718 යන දුරකතන අංක ඔස්සේ Mercedes Benz පාරිභෝගික සේවා මධ්‍යස්ථාන හා සම්බන්ධවීමෙන් දැන ගත හැකි බව සදහන්