සිඩ්නි වලින් නිවසක් ගන්න තිබිය යුතු අවම වත්කම කීය ද

සිඩ්නි අගනුවර නිවසක් මිලදී ගැනීම සඳහා අවම වශයෙන් ඩොලර් ලක්ෂ 2ක් පමණ ඉපැයිය යුතු බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

 

එම වත්කම් අගය පසුගිය වසරට සාපේක්ෂව ඩොලර් 40000ක වැඩි වීමල් බවයි වාර්තා වන්නේ.

 

මේ අතර සිඩ්නි නගර මධ්‍යයේ නිවාස මිල අගය තවදුරටත් ඉහළ යනු ඇතැයි සඳහන්.

 

Carelogic දත්ත වාර්තා අනුව ජනවාරි මාසයේදී සිඩ්නි හි මධ්‍ය නිවාස මිල ඩොලර් මිලියන 1.12ක් ලෙස සදහන් වුණා.

 

මේ අතර Finder දත්ත අනුව සිඩ්නි නගරයේ සිට කිලෝමීටර් 30ක ප්‍රමාණයක් තුළ නිවාස මිලදී ගැනීම සඳහා අවම වශයෙන් ඩොලර් 400000 හෝ ඊට වැඩිමුදලක් යෙදවිය යුතුයි.

 

සිඩ්නිහි අවම මිල ගණන් යටතේ පවතින නිවසක් හෝ මිලදී ගැනීම සදහා පුද්ගලයෙකුගේ අවම වාර්ෂික අගය ඩොලර් 80000ක් විය යුතු බව සඳහන්.

 

කෙසේ වෙතත් මෙලෙස නිවාස මිල අගය දැරිය නොහැකි ලෙස ඉහළ යැම ඔස්ට්‍රේලියානුවන්ට තමන්ගේම කියා නිවසක් මිලට ගැනීමේ ශක්‍යතාව තවදුරටත් පහළ දමනු ඇති.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »