
ක්‍රිකට් ඔස්ට්‍රේලියා විසින් තෙවන වරටත් ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමය නියමිත T20 තරගාවලියක් කල් දමා තිබෙනවා.
මෙම වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරඟ තුනකින් සමන්විත පිරිමි T20 ජාත්‍යන්තර තරඟාවලිය ඒ අනුව කල් දමනු ඇතිེ
තලෙයිබාන් පාලනය යටතේ රටේ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා වූ මානව හිමිකම් උපුටා දක්වමින් ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය විසින් ඇෆ්ගනිස්ථානයට එරෙහිව අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික තරඟාවලිය නැවත කල් දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම තරඟාවලිය සදහා ඇෆ්ගනිස්ථානය සත්කාරකත්වය දැරීමට නියමිතව තිබූ අතර තරඟ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙහි පැවැත්වීමට නියමිතව තිබුණා.
2021 සැප්තැම්බරයේදී ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානය පාලනයට මැදිගත්වීමත් සමග ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හා සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ තුන්වන අවස්ථාව මෙයයි.

2021 වසරේ නොවැම්බර් මාස හෝබාර්ට් හි පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක් ටෙස්ට් තරගයක් අවලංගු කිරීමට ද බලපෑ හේතුවද මෙයයි.
2023 වසරේ මාර්තු මස ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වීමට යෙදී තිබු තරගාවලියක් ද මෙලෙස අවලංගු කෙරුණා.
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ට ජාත්‍යන්තර තරග සඳහා සහභාගිවීමට ඇති අයිතීන්වලට ඇෆ්ගන් රජය පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ක්‍රිකට් ඔස්ට්‍රේලියා සංගම වරින් වර ප්‍රකාශ නිකුත් කර තිබුණා.
කෙසේ වෙතත් ක්‍රිකට් ඔස්ට්‍රේලියා සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තවදුරටත් ඔස්ට්‍රේලියාවේ ස්ථාවරය එළෙසම පවත්වාගෙන යන බවයි.
ICC කාන්තා නියෝජනයක් නොමැති එකම එට ඇෆ්ගනිස්ථානය වන අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ද මේ පිළිබද ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වා ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.