Search

වසර 4000ක් ඉපැරණි lipstick ආලේපනයක් හමුවෙයි

වසර 4000ක් ඉපැරණි රතු ලිප්ස්ටික් ආලේපනයක් ඉරානයේ දී පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා.

පුරාවිද්‍යාඥයින් පවසන පරිදි වසර 4000 කට පමණ පෙර තොල් වර්ණකයක් ලෙස භාවිතා කළ හැකි රතු ආලේපනයක් සහිත කුඩා ගල් කුප්පියක් ගිනිකොනදිග ඉරානයෙන් හමුවු බවයි.

මෙය ඉතා දුර්ලභ සොයා ගැනීම වන අතර ලිප්ස්ටික් ආලේපණයක් පිළිබඳ පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

විශ්ලේෂකයින් පෙන්වා දෙන පරිදි මෙහි සියයට 80කට වැඩි ගැඹුරු රත් පැහැයක් පවතින බව සොයාගෙන තිබෙනවා.

මැන්ගනයිට් සහ බ්‍රව්නයිට් මෙන්ම කාබනික ද්‍රව්‍ය වලින් සාදන ලද ඉටි ද්‍රව්‍යක් එහි අන්තර් ගත බවයි වාර්තා වන්නේ.

ඉතාලියේ පාදුවා විශ්ව විද්‍යාලයේ සංස්කෘතික උරුමයන් පිළිබඳ දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යාඥයෙකු වන ප්‍රධාන අධ්‍යයන කතුවරයා වන මැසිමෝ විඩේල් පවසන පරිදි රූපලාවන්‍ය ද්‍රව්‍ය වෙනත් ආකාරවලින් එවක භාවිතා කර ඇති බවයි.

වසර 1200 කට පෙර මිහිදන් කරන ලද ආගමික නායකයෙකුගේ සොහොනක තිබී මෙම ලිප්ස්ටික් ආලේපනය සොයාගෙන තිබුණා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »