නව නිවසක් මිලදී ගැනීම වෙනුවෙන් අවශ්‍යතා කැප නොකර ඩොලර් එක් ලක්ෂ විසිදහසක මුදලක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානු පෙම්වතුන් යුවළක් පිළිබඳ පුවතක් සිඩ්නි අගනුවරින් වාර්තා වනවා.
තමන්ගේම නව නිවසක් මිලදී ගැනීමේ අරමුණුන් මෙම මුදල් ඉතිරි කිරීම ආරම්භ කර ඇති අතර ඔවුන් විසින්ම සකස් කර ගත් මූල්‍ය රීතීන් මත මුදල් ඉතිරි කිරීමට පුරුදු වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පෙම්වතුන් යුවළ සඳහන් කර ඇත්තේ සුඛෝපභෝගි අවශ්‍යතා කැප නොකර තමන් විසින්ම ගොඩනගා ගත් මූල්‍ය පාලන උපක්‍රම භාවිත කරමින් සරල අයවැය ක්‍රම කිහිපයක් නිර්මාණය කර ඇති බවයි.
වයස අවුරුදු 27 සහ 31 වියෙහි පසුවන ඔවුන් තම මාසික වැටුප මත පදනම්ව මෙම ඉතිරි කිරීම් සිදු කර ඇති බව සදහන්.
මෙම යුවළ ඔවුන්ගේ මාසික ආදායම කාණ්ඩ තුනකට බෙදා වියදම් කර ඇති අතර සියයට 50, සියයට 30 සහ සියයට 20 ලෙස ඉතුරුම් පවත්වාගෙන යනු ලබන බවයි සඳහන් කර ඇත්තේ
මෙම සියයට 50,30 සහ 20 රීතිය භාවිතා කිරීමෙන් වසරක් තුළ ඩොලර් 120000ක් පමණ ඉතිරි කර ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා.
ඔවුන් තම ආදායමෙන් සියයට 30ක්, විනෝදය සහ විවේකය වෙනුවෙන් වියදම් කිරීම විශේෂත්වයක්.
උකස් ණය මත පදනම්ව මාසිකව වැඩි මුදලක් වැය කිරීමට ඔවුනට සිදුවුව ද සමබර ක්‍රමයක් අත්හදා බලමින් පවතින ජීවන අර්බුදයට සහන සෙවීමට හැකි බවයි එම යුවල වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
මෙවැනි පෞද්ගලික අයවැය යෝජනා මෙරට තරුණ ප්‍රජාවට වඩාත් වැදගත් වන බවයි ඊට ප්‍රතිචාර දක්වමින් ඔස්ට්‍රේලියානුවන් ප්‍රකාශ කර ඇත්තේ.