Search

අත ළඟට ම ආ වාසනාවේ හිමිකරු තවමත් රහසක්

ඩොලර් මිලියනයක ලොටෝ ලොතරැයි පත් ජයග්‍රාහකයාගේ අනන්‍යතාව මෙතක් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඊයේ දින දිණුම් ඇදි ලොටෝ ලොතරැයි ජයග්‍රහනය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජයග්‍රහකයෙකු හිමි කර ගෙන තිබුණද අදාල ලොතරැයි පත නිසි පරිදි ලියාපදිංචි කර නොතිබීම හේතුවෙන් ජයග්‍රාහකයාගේ අනන්‍යට්ගාව මෙතක් තහවුරු වී නැහැ.

ජයග්‍රාහි ලොතරැයි පත කැන්බරාහී ගුඩගායි ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති අතර තමන් මෙලෙස ඩොලර් මිලියනයක හිමිකරුවෙක් බව ජයග්‍රාහකයා මෙතක් නොදැන සිටීම කාගේත් අවධානයට යොමුව තිබුණා.

ලොට් හි බලධාරීන් ජයග්‍රාහකයා සම්බන්ධ කරගැනීමට උත්සහ කරන අතර අදාළ ජයග්‍රාහකයා පැමිණෙන තෙක් බලා සිටින බවයි ලොට් බලධාරීන් සදහන් කළේ.

කෙසේ වෙතත් ගුන්ඩගායි වැනී ග්‍රාමිය ප්‍රදේශයකට මෙවැනි විශාල දිනුම් ඇදීමක් ලැබීම දුර්ලභ පුවතක් වන අතර ගුන්ඩගායි වැසියන් මේ පිළිබද උද්යෝගයෙන් පසුවන බව සදහන්.

ගුන්ඩගයි LPO අළෙවිසැලෙනි මෙම ජයග්‍රාහි ටිකට්පත මිලදී ගෙන ඇති අතර එහි අධ්‍යක්ෂක කේට් මොරිස් සදහන් කළේ ඩොලර් මිලියනයක ජයග්‍රාහි මුදලක් අලෙවි කිරීමට සමත් වීම ගැන සතුට ප්‍රකාශ කර තිබුණා.

4374 වෙනි ලොටෝ දිණුම් ඇදීමේ ජයග්‍රාහී ටිකට්පත් අංක 2,4,16,26 34,සහ 39 වන අතර ජයග්‍රාහී අංක ලෙස අංක 11 සහ 18 ලෙස නම් කර තිබෙනවා.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »