Search

සුපිරි වෙළඳසැල් දැවැන්තයින්ට මිල අඩු කරන්න වෙන නීතියක් ළඟදීම

සුපිරි වෙළඳසැල් දැවැන්තයන් වන කෝල්ස් සහ වුල්වර්ත් සමාගම්වලට ඔවුන්ගේ ව්‍යාපාර කොටස් විකිණීමට බල කිරීමට හැකි නීති සම්පාදනය කිරීමට හරිත පක්ෂය සූදානම් වනවා.

ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් දැනටමත් ඊට සහාය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සුපිරි වෙළඳසැල්  ජාල දෙකෙහි මිලකරණය පිළිබඳ සෙනෙට් කමිටුවක් විසින් පසුගිය සති කිහිපය පුරා පාරිභෝගිකයන් මෙන්ම ගොවීන්ගෙන් ද අදහස් ලබා ගනු ලැබුවා.

පනත් කෙටුම්පත සෙනෙට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම වාර්තාවන්ට අනුව කෝල්ස් සහ වුල්වර්ත් තම වෙළඳපල ආධිපත්‍යය වැරදි ලෙස භාවිතා කරන බව පෙනී ගියහොත් එය බිඳ දැමීමට බලතල ලබා දෙන පනතක් හරිත පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

සුපිරි වෙළඳසැල් දැවැන්තයින් තම ලාභය වැඩි කර ගැනීම සඳහා වෙළඳපල බලය භාවිතා කරමින් තරඟකාරී අනෙක් වෙළඳසැල් පීඩාවට පත් කිරීම, මිල වැඩි කිරීම සහ වෙළඳ කොන්දේසි සැකසීම යන චෝදනාවලට මුහුණ දී තිබෙනවා.

කෙසේවෙතත් Coles සහ Woolworths මිල වැඩි කරන බවට වන පාරිභෝගිකයින්ගේ චෝදනා  ප්‍රතික්ෂේප කර ඇති අතර, කණ්ඩායම් කිහිපයක් ඔවුන්ගේ හැසිරීම පරීක්ෂා කරමින් සිටින බව සඳහන්.

හරිත පක්ශයේ පනත අනුව කිසියම්සමාගමක් මිල ඉහළ නැංවීමට, ගොවීන් ඇතුලු සැපයුම් දාමයන් සූරාකෑමට හෝ තරඟකාරිත්වය වළක්වා ගැනීමට තම වෙළඳපල බලය අනිසි ලෙස භාවිතා කරන බව අනාවරණය වුවහොත් එම සමාගමේ කොටස් විකිණීමට නියෝග කිරීමට මෙම පනත මගින් අධිකරණයට අවස්ථාව ලබා දෙනු ඇති.

මේ අතර සිල්ලර බඩු මිල අඩු කිරීමට ක්‍රියා කරන බවට රජය දැනටමත් පොරොන්දු ද ලබා දී තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කළේ එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පවතින ආකාරයෙන්  බෙදාහැරීම බලතල කෝල්ස් සහ වූල්වර්ත්ස් සතු වන අතර ඔවුන් නීති විරෝධී ලෙස හැසිරෙන බව අනාවරණය වුවහොත් ඔවුන්ගේ ව්‍යාපාරයේ කොටස් විකිණීමට බල කළ හැකි බවයි.

ඒ වෙනුවට ඕස්ට්‍රේලියාවේ තවත් සුපිරි වෙළඳ සැල් පිහිටුවීම වෙනුවෙන් තවත් විදේශීය දාමයන් දිරිමත් කිරීමෙන් තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට කැමති බවයි ඔහු යෝජනා කළේ.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »