Search

ඔස්ට්‍රේලියාවේ අන්තවාදය වපුරන සමාජ මාධ්‍යයට තව දින 49යි

අන්තවාදී අන්තර්ගතයන් ප්‍රචාරණය කිරීමට සහය දෙන ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් කිහිපයකට ඔස්ට්‍රේලියාවේ ඔන්ලයින් ආරක්ෂණ සමාගම විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

විශේෂයෙන් ෆේස්බුක්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රෑම්, ටෙලිග්‍රෑම්,රෙඩිට් සහ X යන සමාජ මාධ්‍ය ප්‍රධානීන් වෙත මේ පිළිබදව දැනුම්දීමක් සිදුකර ඇති බවයි වොච් ඩෝග් (watchdog) හී ඊ- සේව්ට් කොමසාරිස් ජූලියා ඉන්මන් ග්‍රාන්ට් සදහන් කර ඇත්තේ.

ඒ අනුව අදාළ සමාගම්  තම සමාජ මාධ්‍ය වේදිකා තුළ පලවන ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන් ඉවත් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට දින 49ක කාලයක් ලබා දී තිබෙනවා.

එම කාලසිමාව තුළ ඒ පිළිබද තහවුරු කිරීමට නොහැකිවූ සමාගම් වලට ඉදිරියේ දී ඩොලර් මිලියන 11 දක්වා දඩයකට යටත්වීමට සිදු වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

වැඩිදුරටත් කරුණු දක්වමින් ජූලියා ඉන්මන් ග්‍රාන්ට් සධන් කළේ 2019 වසරේ නවසීලන්තයේ දී පුද්ගලයින් 51 දෙනෙකුට මරු කැදවූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ වීඩියෝ පටය අන්තර්ජාලය ඔස්සේ දිගින් දිගටම සංසරණය වන බවයි.

ත්‍රස්තවාදීන් සහ ප්‍රචණ්ඩ අන්තවාදීන් AI තාක්ෂණියේ වාසි උපයෝගි කරගනිමින් රහසේම සන්නධ වන අතර මෙවැනි අන්තවාදී විඩියෝපට සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගයට ප්‍රචාරණය වීම අන්තවාදීන්ට දක්වන සහයක් බවයි ඔස්ට්‍රේලියාවේ ඔන්ලයින් ආරක්ෂණ සමාගමය පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා වෙසෙන ජනයා සමාජමාධ්‍ය ඔස්සේ අන්තවාදී කණ්ඩායම් වෙත බදවා ගැනීමේ ජාවාරමක් පිළිබද ෆෙඩරල් රජයේ අවධානය ද යොමුව තිබෙනවා.

 

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »