උද්ධමනය හමුවේ ඔස්ට්‍රේලියානු පොලි අනුපාතිකය තවදුරටත් ස්ථාවර වෙයි

බැංකු පොලී අනුපාතිකය තවදුරටත් 4.35 ක අගයෙහි පවත්වාගෙන යන බව ෆෙඩරල් සංචිත බැංකුව අද නිවේදනය කර තිබෙනවා.

මෙම වසරට අදාළව බැංකු ප්‍රධානීන්ගේ දෙවන රැස්වීම අද පැවැත්වීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කර තිබුණා.

වසර 12කට පසු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළතම බැංකු පොළී අනුපාතිකය මෙය වන අතර එම අගය තවදුරටත් එළෙසම පවතිනු ඇති.

කෙසේ වෙතත් ආර්ථික විද්‍යාඥයින් පුරෝකතනය කර ඇත්තේ පොලි අනුපාතිකයෙහි වෙනසක් මෙම වසර අවසානය තෙක් අපේක්ෂා නොකරන බවයි.

සංචිත බැංකු ප්‍රධානීන්ගේ රැස්වීමෙන් අනතුරුව ඔවුන් ප්‍රකාශ කළේ ජනතාව අපේක්ෂාවෙන් සිටින පොලි අනුපාතිකයේ වෙනසක් කඩිනමින් ලබා දීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් ෆයින්ඩර් ආයතනය විසින් සිදුකළ අධ්‍යයනයක දී ආර්ථික විශේෂඥයින් වැඩි දෙනෙකු සදහන් කර ඇත්තේ පවතින බැංකු පොලී අනුපාතිකයේ වෙනසක් ලබන සැප්තැම්බර් මස අපේක්ෂා කරන බවයි.

සංචිත බැංකුව, පොලී අනුපාත අඩු කිරීම ආරම්භ කරන්නේ කවදාද යන්න පිළිබඳව ආර්ථික විද්‍යාඥයින් අතර පොදු එකගතාවක් නොමැති අතර තවත් පිරිසක් අනාවැකි පල කර ඇත්තේ බැංකු පොලී අනුපාතිකය තවත් කාලයක් පවතින අගයෙහිම ස්ථාවර වන බවයි.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »