ඔස්ට්‍රේලියානුවන්ගේ විදුලි බිල්පත් ගාස්තු තවදුරටත් ඉහළ යන ළකුණු

ජීවන වියදම හමුවේ විදුලි බිල්පත ගාස්තු ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඔස්ට්‍රේලියානු පවුල් ඒකක රැසක් බරපතල මූල්‍ය අරගලයලට පත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන අධිකාරියේ නවතම දත්ත අනුව විදුලි බිල්පත් ගෙවා ගැනීමට නොහැකිවූ පිරස අතරට තවත් පවුල් 34000ක් එක්ව ඇති බවයි.

විදුලි පාරිභෝගිකයින්ගෙන් වැඩි පිරිසක් සදහන් කර ඇත්තේ පවතින ජීවන වියදම හමූවේ බිදුලි බිල්පතද පවුල් ඒකක සදහා තවත් මූල්‍යමය අපහසුතා ගොඩනගන බවයි.

ඒ අනුව වසරකය ඔස්ට්‍රේලියානුවන්ට විදුලි බිල සදහා අවම වශෙයෙන් ඩොලර් 1692 ගෙවීමට සිදුවනු ඇති.

නව වාර්තාවේ බලශක්ති සමාගම්වලට බලපා ඇති දුෂ්කරතා කළමනාකරණය කිරීම සඳහා යෝජනා සහ ක්‍රමවේ ද අවශ්‍ය වන බව ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන අධිකාරිය පවසනවා.

ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන අධිකාරිය විසින් 2024 – 2025 මූල්‍ය වර්ශය සදහා ගෑස් සහ විදුලි මිල ගණන් සම්බන්ධයෙන් තීන්දූ තීරණ ගැනීම සදහා අද රැස්වෙන අතර එහිදි නව යෝජනා සහ කෙටුම්පත් ෆෙඩරල් රජය වෙත භාරදීමට නියමිතයි.

කෙසේ වෙතත් එය යෝජනා වලට අනුව අඛණ්ඩව දෙවන වසරටත් සියයට 20 කින් විදුලි මිල ඉහළ යනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »