දරුවන් ගැන නොබලන ඔස්ට්‍රේලියානු දෙමාපියන්ට වාසි රැකස් අහිමි වෙයි

ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවාට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ අවශ්‍යතා නිසිලෙස සපුරාලීමට අපහොසත් වන්නේ නම් ඔවුනට හිමිවන ෆැමිලි ටැක්ස් බෙනිෆිට් (Family Tax Benefit (FTB) ) අඩු විය හැකි බව සර්විස් ඔස්ට්‍රේලියා වෙබ් අඩවිය පවසනවා.

මීට අමතරව චයිල්ඩ් කෙයා සබ්සිඩි දීමනා පවා නතරවිය හැකි බවද  එහි දැක්වෙනවා.

Services Australia වෙබ් අඩවිය සඳහන් කොට සිටින්නේ ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවාට අවශ්‍ය නිසි ප්‍රතිශක්තිකරණය ලබා නොදීම අවාසිදායක වනු ඇති බවයි.

කෙසේ වෙතත් දෙමාපියන් හට තම දරුවාට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබාදීම සඳහා ගැටලුකාරී තත්වයක් පවතී නම් දෙමාපියන්ට ඒ සම්බන්ධයෙන් නිත්‍යානුකූලව දැනුවත්කිරීමක් සිදුකර ඉන් නිදහස් වීමේ හැකියාවක්ද පවතිනවා.

දරුවන්ගේ නිසි ප්‍රතිශක්තිකරණ අවශ්‍යතා සපුරාලීමට නොහැකිවීම මත දෙමාපියන්ට හිමි ගෙවීම නතර වී ඇත්නම්, නැවත ඒ සඳහා හිමිකම් පෑමට ඉල්ලීම් කලයුතු බවයි Services Australia වෙබ් අඩවිය කියා සිටින්නේ.

Services Australia වෙබ් අඩවිය තවදුරටත් සඳහන් කොට සිටින්නේ ඔබේ දරුවාට නිසි එන්නත් ලබා දීම සිදු කොට ඇත්නම් Services Australia වෙබ් අඩවිය සමග සම්බන්ධ වීමට අවශ්‍ය නොවන බවයි.

 

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »