Search

නිවාස මිල ගණන්වල වෙනසක් වෙයි ද?

ඔස්ට්‍රේලියාවේ නිව් සව්ත් වේල්ස් ප්‍රාන්තය පමණක් දේපළ වෙළදාමේ දී මුද්දර ගාස්තු ඉවත් කළහොත් සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන් ලක්ෂයකට පමණ නිවාස මාරු කිරීමට සිදුවන බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමේදී නිවස සඳහා ලබා දෙන මුදලින් මුද්දර ගාස්තුව ස්වයංක්‍රියව අඩු වීමයි සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ.

බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ මුද්දර ගාස්තු අගය නොදැන සිටීම හේතුවෙන් අදාළ ගාස්තු පිළිබඳ ඔස්ට්‍රේලියානුවන් එතරම් තැකීමක් සිදු නොකරන බවයි.

මුද්දර ගාස්තු නොමැතිව නිවෙසක් කොපමණ ලාභදායි ද යන්න පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

අවසන් වරට 2010 වසරේ සිදු කළ බදු සමාලෝචනයකට අනුව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට දේපළ වෙලඳාමේ දී අයවන මුද්දර ගාස්තු අසමාන බව ප්‍රකාශ කර තිබුණා.

මුද්දර ගාස්තු දේපළ තක්සේරුවකට සාපේක්ෂව ජනතාව පිට පැවරෙන අමතර බද්දක් ලෙස සැලකෙන අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පමණක් මුද්දර ගාස්තුව සියයට 1.26 සිට සියයට 2.27 දක්වා ඉහළ ගොස් තිබුණා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මුද්දර ගාස්තු දේපල වටිනාකමින් සියයය 3.5ක අගයක් ගන්නා අතර නිවාස හිමියන් විසින් වැඩි අගයක් ඒ සඳහා අයකරගන්නා බවට චෝදනා මතුව තිබෙනවා.

එසේම වික්ටෝරියා ප්‍රාන්තයේ මුද්දර ගාස්තු අනුපාතය සියයට 4.2ක් වන අතර එම අගය ඉවත් කළහොත් තමන්ගේම නිවසක් මිලදී ගන්නා වික්ටෝරියානුවන් සංඛ්‍යාව සියයට 30 දක්වා ඉහළ යනු ඇති බව සඳහන්.

දේපල වෙළඳාමේ දී නිවාස පමණක් නොව වාහන වෙළඳාමෙහිද අසාමාන්‍ය මුද්දර ගාස්තු හේතුවෙන් පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන්ට යම් සහනයක් අවශ්‍ය බවටයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලා සිටින්නේ.

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »