ඔස්ට්‍රේලියාවේ බැංකු පොලී අනුපාත වෙනසක් වන කාලය මෙන්න

ඔස්ට්‍රේලියාවේ බැංකු පොලී අනුපාතිකයෙහි වෙනසක් ලබන සැප්තැම්බර් මාසය වන තෙක් සිදු නොවන බව ආර්ථික විශේෂඥයින් පුරෝකතනය කර තිබෙනවා.

ෆයින්ඩර් විසින් ආර්ථික විශේෂඥයින් පිරිසක් යොදාගනිමින් සිදු කළ අධ්‍යයනයක දී හෙළිව ඇත්තේ පොලී අනුපාතිකයේ වෙනසක් මෑතකාලීනව සිදු නොවන බවයි.

ලබන වසර තෙක් පොලී අනුපාතිකයේ වෙනසක් අපේක්ෂා නොකරන බව සමීක්ෂණයට එක්වූ ප්‍රවීණයින් හතර දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ආර්ථිකය මුහුණ දෙන අභියෝග පිළිබඳ සිදු කළ මෙම අධ්‍යයනයට ආර්ථික විශේෂඥයින් 41 දෙනෙකු යොදා ගෙන ඇති අතර වැඩි දෙනෙකුගේ මතය වූයේ දැනට පවතින 4.35ක පොලී අනුපාතිකය එලෙසම පවතිනු ඇති බවයි.

ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන් අද සහ හෙට යන දෙදින රැස්වීම නියමිත අතර එහිදි බැංකු පොලී අනුපාතිකය සම්බන්ධ විශේෂ තීන්දු නොගන්නා බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ.

ෆයින්ඩර්හි පාරිභෝගික පර්යේෂණ ප්‍රධානී ග්‍රැහැම් කුක් පැවසුවේ උද්ධමනය අඩුවීමත් සමග සංචිත බැංකුවේ පොලි අනුපාතිකය පහළ දැමීමට වැඩි අවස්ථාවක් පවතින බවයි.

මෙම වසරේ පළමු බැංකු පොලී අනුපාතිකයේ පහළ වැටීමක් එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර සිදුවනු ඇති බවට බොහෝ දෙනෙකු විශ්වාසය පල කිරීම සාධනීය තත්වයක් ලෙස සඳහන්.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »