ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ අපතේ යන ආහාර ප්‍රයෝජනයට ගන්න අලුත් වැඩක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ආහාර සංවිධානයක් විසින් ෆෙඩරල් පාර්ලිමේන්තුව තුල ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඔස් හාර්වස්ට් (OZHarvest) නැමති මෙම සංවිධානය ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ අපතේ යන ආහාර අමුද්‍රව්‍ය භාවිත කරමින් ආහාර පිළියෙල කිරීමේ නවතම වැඩසටහනක් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

විශේෂයෙන් එදිනෙදා ආහාර වේල් සොයාගැනීමට අපහසු පුද්ගලයින් ඉලක්ක කරගනිමින් මෙම ආහාර වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.

ඔස් හාර්වස්ට් නිරමතෘ රෝනි ඛාන් පවසන්නේ වඩාත් හොඳ ගුණාත්මක ආහාර අපතේ යෑම පාලනය කර ගනිමින් එම ආහාර නැවත සකස් කළ හැකි ප්‍රයෝජනවත් ආහාර බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි.

ෆෙඩරල් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුලු නිලධාරීන්ගේ පරිභෝජනයට අමතරව ඉතිරි වන ආහාර අපද්‍රව්‍ය ලෙස ඉවත් නොකර ආහාර අනාරක්ෂිතභාවයට පත්ව ඇති පුද්ගලයින් වෙත ඉදිරියේ දී ලැබෙනු ඇති.

එලෙස ඉතිරි වන ආහාර පසුව යළි ඇසුරුම් කර ආහාර අවදානම ලක්ව ඇති පුද්ගලයින් වෙත ලබාදීමට ස්වෙච්ඡා සංවිධාන වෙත ලබා දීම සිදුකරන බව සඳහන්.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »