ප්‍රසිද්ධ කුලී රථ සේවාවක් වන Uber සමාගම ඔස්ට්‍රේලියාවේ කුලී රථ රියදුරන්ට ඇමරිකානු ඩොලර් මිලියන 178ක වන්දියක් ගෙවීමට එකඟ වී තිබෙනවා.
කුලී රථ සහ රියදුරන් සඳහා වන නීති ආයතනයකට අනුව ඔස්ට්‍රේලියාවේ අධිකරණයක ක්‍රියාත්මක නඩුවක් සමථයකට පත් කිරීම සඳහායි Uber සමාගම මෙමෙ වන්දි මුදල ගෙවීමට එකඟ වී ඇත්තේ.
මොරිස් බ්ලැක්බර්න් ලෝයර්ස් විසින් 2019 වසරේදී මෙම නඩුව ගොනු කර තිබුණේ මෙරට ක්‍රියාත්මක කුලී රථ 8,000කට අධික ප්‍රමාණයක හිමිකරුවන් සහ රියදුරන් වෙනුවෙන්.
Uber සමාගම ආක්‍රමණශීලී ලෙස රට තුළට සංක්‍රමණය වීම හේතුවෙන් ඔවුන්ට ආදායම අහිමි වූ බවට නඩුව මගින් චෝදනා කර තිබුණා.
මොරිස් බ්ලැක්බර්න් ප්‍රධාන නීතිඥ මයිකල් ඩොනලි සඳහන් කළේ වික්ටෝරියා, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ද මෙම සමාගමට එරෙහිව නඩු පවරා ඇති අතර ඒවා සියල්ලම අසාර්ථක වූ බවයි.
2009 වසරේ දී ආරම්භ කරන ලද සැන් ෆ්‍රැන්සිස්කෝ පදනම් කරගත් Uber කුලී රථ සේවාව රටවල් 70ක පමණ සහ ගෝලීය වශයෙන් නගර 10,000කට වැඩි ගණනක ක්‍රියාත්මක වනවා.
වසර ගණනාවක් පුරා එය ලොව පුරා නගරවල කුලී රථ රියදුරන්ගේ දැඩි විරෝධතාවලට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
2023 දෙසැම්බර් මාසයේදී ප්‍රංශයේ කුලී රථ රියදුරන් 2,500ක් විසින් ගෙන ආ නඩුවකින් Uber කුලී රථ සේවය ජයග්‍රහණය කළේ එම සමාගම අසාධාරණ තරඟකාරී ක්‍රියා සිදු කර නොමැති බවට පැරිස් අධිකරණයක් තීන්දු කිරීමත් සමගයි.