හැමෝම හැමදේම හොයන දෙයක් ගැන ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසමත් හොයයි

ඔස්ට්‍රේලියානු පාරිභෝගික සේවා කොමිසම විසින් ඔන්ලයින් සෙවුම් යෙදවුම් නොහොත් search engines පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

search engines මෙරට ව්‍යාපාරික තරගකාරීත්වයට ඇති කරනු ලබන බලපෑම කෙබඳුද යන්න අධ්‍යයනය කිරීම මෙහි අරමුණයි.

ඔස්ට්‍රේලියානු පාර්භෝගික කොමිසම විසින් මේ පිළිබද 2021 වසරේදී අධ්‍යයනයක් සිදු කර තිබුණ ද වත්මන් තාක්ෂණික දියුණුවත් සමග ඒ පිළිබඳ අධ්‍යයනය පුලුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ප්‍රධාන search engines මගින් පරිශීලකයින්ට අවශ්‍ය දේ තෝරා ගැනීමට වූ හැකියාව සහ එම යෙදවුම් හි ගුණාත්මකභාව පිළිබඳ මෙහිදි අවධානය යොමු කෙරෙනු ඇති.

වෙළඳ පොල තරගකාරීත්වය සහ පාරිභෝගික අවශ්‍යතා පිළිබද මෙහිදි සැළකිල්ලට ගැනෙන අතර AI තාක්ෂණය ඔස්සේ search engines සිදුකර ඇති වෙනස්කම් පිළිබඳව ද මෙහිදී විමර්ශනය කෙරෙනවා.

search engines හි යම් තරගකාරීත්වයක් පෙන්නුම් කරන අතර එමගින් පරිභෝගිකයින්ට ගුණාත්මක දත්ත ලබා දෙන්නේ ද යන්න මෙහිදී සොයා බැලීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු පාර්භෝගික කොමිසම විසින් අවසන් වරට සිදු කළ සමීක්ෂණයේදී පාරිභෝගිකයින්ගේ ප්‍රමුඛතම search engine ලෙස google පත්ව ඇති අතර Bing සහ Yahoo එම ශ්‍රේණි ගත කිරිමේදී පහත වැටී තිබුණා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

Read More »