Qantas සමාගම සේවකයන් පිරිසකට ඩොලර් මිලියන ගණනක් ගෙවීමේ සූදානමක

COVID-19 වසංගතය අතරතුර නීති විරෝධී ලෙස රැකියාවලින් ඉවත් කරනු ලැබූ සේවකයින්ට මිලියන ගණනක වන්දි ගෙවන ලෙසට ඔස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රධාන වෘත්තීය සමිතියක් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ප්‍රවාහන සේවක සංගමය (TWU) ක්වන්ටාස් සමාගමට එරෙහිව ෆෙඩරල් අධිකරණයේ මෙලෙස නඩු පවරා ඇත්තේ ඔස්ට්‍රේලියා ආයතනික ඉතිහාසයේ විශාලතම නීති විරෝධී සේවක නෙරපා හැරීම මෙය බවට පෙන්වා දෙමින්.

2020 වසර අග භාගයේදී ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපළ 10ක කාර්ය මණ්ඩලය 1700කට ආසන්න පිරිසකට අයත් සේවා සඳහා බාහිරින් පිරිස් බඳවා ගැනීමට සමාගම ගත් තීරණය පනතට පටහැනි බවට අධිකරණය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ක්වන්ටාස් සමාගම ප්‍රකාශ කර තිබුණේ එම සේවා බාහිරින් ලබා දීමෙන් වසරකට ඩොලර් මිලියන 100 කට වඩා වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවයි.

නඩුව විභාගයට ගනු ලැබුවේ එලෙස සේවයෙන් ඉවත් කරන ලද සේවකයින් වෙනුවෙන් සුදුසු මූල්‍ය වන්දියක් තීරණය කිරීම සඳහායි.

නිවැරදි දේ සිදු කර බලපෑමට ලක් වූ කම්කරුවන්ට ක්වන්ටාස් සමාගම වන්දි ලබා දෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව නෙරපා හරින ලද සේවකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

ඇතැම් කම්කරුවන්ට ඔවුන්ගේ රැකියා අහිමි වීමේ ප්‍රතිඵලයක් ලෙස දේපල අහිමි වී පවුල් බිඳවැටීම් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු කම්කරුවන්ට හැකි ඉක්මනින් සාධාරණ වන්දි ලබා දීමට පියවර ගන්නා බවත් බාහිර සේවා ලබා ගැනීමට ගත් තීරණය මගින් සේවකයින්ට ඇති කළ බලපෑම ගැන අවංකවම සමාව අයදින අතර ඒ පිළිබඳ කනගාටු වන බවයි ක්වන්ටාස් සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »