ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් 40% කින් අඩු කිරීමට යෝජනාවක්!

මෑතදී එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ ව්‍යසනකාරී ක්‍රියාකාරිත්වය හේතුවෙන් ක්‍රීඩකයන්ගේ වැටුප් 40% කින් අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සලකා බලමින් සිටින බව සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති වාර්තාවක දැක්වේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රීඩකයින් සඳහා කාර්ය සාධනය මත පදනම් වූ දිරිගැන්වීමක් මෑතකදී යෝජනා කළද, වැටුප් කප්පාදු කිරීමේ මූලික යෝජනාවක් මණ්ඩලය තුළට පැමිණ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ අයිලන්ඩ් පුවත්පත වාර්තා කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇමරිකානු ඩොලර් 120,000 ක් වටිනා වාර්ෂික කොන්ත්‍රාත්තුවක් ඇති ක්‍රීඩකයෙකුට මෙලෙස වැටුප් කප්පාදුවක් සිදු කලහොත් ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් 70,000 ක් පමණි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »