Search

ඔස්ට්‍රේලියාවේ තැපෑලට ගෙවන්න වෙන මුදලත් වැඩි වෙයි

ඔස්ට්‍රේලියාවේ ජාතික තැපැල් සේවය වන ඔස්ට්‍රේලියා පෝස්ට්හි ලිපිවලට අය කෙරෙන මිල ගණන් ඉහළ නැංවීමට තීරණයක් ගෙන තිබෙනවා.

තැපැල් සේවාව අඛණ්ඩව ලබන පාඩු පියවා ගැනීමට උත්සාහ කරන බැවින් Australia Post සිය ලිපි සේවා සඳහා සියයට 25ක මිල වැඩි කිරීමක් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව කුඩා ලිපිවල මිල ඩොලර් 1යි ශත 20 සිට 1යි ශත 50 දක්වාද, ග්‍රෑම් 125 දක්වා වූ විශාල ලිපි වෙනුවෙන් ඩොලර් 2 යි ශත 40 සිට ඩොලර් 3 දක්වා ද මිල වැඩි කෙරෙනු ඇති.

ග්‍රෑම් 125 සහ 250 අතර විශාල ලිපි සඳහා ඩොලර් 3යි ශත 60 සිට ඩොලර් 4යි ශත 50 දක්වා අප්‍රේල් මාසයේ සිට වෙනස් කිරීමට නියමිතයි.

වසරකට කුඩා ලිපි 15ක් පමණ යවන සාමාන්‍ය පදිංචිකරුවෙකුට මිල වැඩි කිරීම යටතේ තවත් වැඩිපුර ඩොලර් 4.50ක් ගෙවීමට සිදු වනු ඇති.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම අද නිවේදනය කළේ පිරිවැය ප්‍රතිසාධනය ඉහළ නැංවීමට ගෙන ඇති මෙම තීරණයට විරුද්ධ නොවන බවයි.

එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ බලය ඇත්තේ සන්නිවේදන අමාත්‍ය මිෂෙල් රෝලන්ඩ්ට පමණයි.

ඔස්ට්‍රේලියා පෝස්ට් පසුගිය වසරේ ඩොලර් මිලියන 200ක පාඩුවක් වාර්තා කිරීමෙන් පසුව මෙලෙස මිල ඉහළ නැංවීමට තීරණය වූ අතර එය වසර 30 කට වැඩි කාලයක් තුළ සිදු වූ දෙවන අලාභය ලෙසටයි සැලකෙන්නේ.

එහි තැපැල් ලිපි සේවා වසරින් වසර වඩාත් පිරිහෙන ප්‍රවණතාවක් වාර්තා වන අතර ඩිජිටල් යුගයේ තාක්ෂණික ප්‍රවණතා මෙයට හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ අතර Australia Post හි මූල්‍ය ආකෘතිකරණය වැඩිදියුණු කිරීම සඳහා කොමිසම විසින් නිර්දේශ ද ඉදිරිපත් කර තිබෙනවා.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »