විනාශකාරී සුළි කුණාටුව ඔස්ට්‍රේලියාව දෙසට

තවත් නිවර්තන සුළි කුණාටුවකින් ඔස්ට්‍රේලියානු වෙරළට කලාපයට බලපෑම් ඇති වීමට නියමිත බැවින් උතුරු ප්‍රදේශයේ සහ ක්වීන්ස්ලන්තයේ පදිංචිකරුවන්ට කාලගුණ අංශ අනතුරු ඇඟවීම් සිදු කර තිබෙනවා.

මේගන් නිවර්තන සුළි කුණාටුව තුන්වන කාණ්ඩයේ කුණාටුවක් ලෙස ශ්‍රේණිගත කර ඇති අතර අද රාත්‍රියේ හෝ හෙට උදෑසන උතුරු ප්‍රදේශයේ බොරලෝලා (Borroloola) වෙත පැමිණෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

සුළි කුණාටුව සෙනසුරාදා දහවල් කාපන්ටේරියා (Carpentaria) බොක්කෙහි ඇති වූ අතර, ගෲටයිලන්ඩ් (Groote Eylandt) දූපතට මේ වන විට මාස 6ක දී පමණ ලැබිය යුතු වර්ෂාපතනයක් ඇද වැටී ඇතැයි සඳහන්.

කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව, සුළි කුණාටුව සමග සුළං වේගය පැයට කිලෝමීටර 200ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතිනවා.

අද උදෑසන උතුරු ප්‍රදේශයේ නේතන් ගඟ සහ ක්වීන්ස්ලන්ත දේශසීමාව අතර, නිරිතදිග කාපන්ටේරියා බොක්ක වෙරළ තීරයේ, පැයට කිලෝමීටර 125ට වැඩි විනාශකාරී සුළි සුළං වර්ධනය වීමට ඉඩ ඇති බවටයි අනතුරු අඟවා ඇත්තේ.

මේ හේතුවෙන් උතුරු ප්‍රදේශවල පදිංචිකරුවන්ට කුණාටුව සඳහා සූදානම් වන ලෙස හෝ එය පැමිණීමට පෙර ඉවත්ව යන ලෙස දැනුම් දී තිබෙනවා.

කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කර ඇත්තේ අසාමාන්‍ය ලෙස වඩදිය බාදිය ඉහළ යාමේ හැකියාවක් ඇති අතර හෙට දිනය වන විට මේගන් සුළි කුණාටුව දුර්වල වනු ඇති බවයි.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »