මෙල්බන් නුවරදී වායු බැලූනයක ගියපු අයෙකුට නොසිතූ කරදරයක්

උණුසුම් වායු බැලූනයකින් ඇද වැටීමෙන් මෙල්බර්න්හි ඊසානදිග ප්‍රදේශයේදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

අද උදෑසන 7.30ට පමණ මෙල්බර්න්හි ඊසාන දෙසින් පියාසර කරමින් තිබූ මෙම උණුසුම් වායු බැලුනයේ පිහිටි කුටියේ සිටි අයෙක් ප්‍රෙස්ටන්හි ඇල්බට් වීදිය ආසන්නයට මෙලෙස ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එම උණුසුම් වායු බැලූනය යාරා බෙන්ඩ් පාක් වෙත පතිත වී තිබුණා.

මියගිය පුද්ගලයාගේ පවුලේ අයට ශෝකය පළ කරන බවයි ජාතික වාණිජ උණුසුම් වායු බැලූන සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම ඛේදවාචකය හමුවේ එහි සිටි මගීන් සහ නියමුවා ද කම්පනයට පත් වී ඇති අතර ඔවුන් සියල්ලන්ටම මනෝවිද්‍යාත්මක සහාය සහ උපදේශනයක් ලබා දීමටයි පියවර ගෙන ඇතැයි සඳහන්.

මෙම අනතුර සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය, වර්ක් සේෆ් වික්ටෝරියා, ගුවන් ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය සහ සිවිල් ගුවන් සේවා ආරක්‍ෂණ අධිකාරිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, සිද්ධියට සම්බන්ධ තත්ත්වයන් නිශ්චය කිරීම සඳහා බැලූනයේ සිටි අනෙක් පුද්ගලයින් සහ ඇසින් දුටු පුද්ගලයන්ගේ සාක්ෂි ලබා ගන්නා බවයි.

මෙම අනතුරත් සමග වායු බැලූන්වල සිටින මගීන්ට සහ නියමුවන්ට ආරක්‍ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් යළි සිහි කැඳවීමට සිදු වනු ඇති බවටයි මත පළ වන්නේ.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »