ඔස්ට්‍රේලියාවේ vodafone භාවිත කරන්නන්ට අද සිට 3G සන්නිවේදන ජාල පහසුකම් සම්පූර්ණයෙන්ම අවහිර වන බව ඔස්ට්‍රේලියානු ජංගම විදුලි සංදේශ සංගම නිවේදනය කර තිබෙනවා.
මෙලෙස ඔස්ට්‍රේලියාව තුළ 3G සන්නිවේදන ජාලය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් පාරිභෝගිකයින් විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
3G ජාලය රට තුලින් සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට පෙර පාරිභෝගිකයින් දැනගතයුතු කරුණු කිහිපයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ටෙල්ස්ට්‍රා (Telstra) පාරිභෝගිකයින්ට සියලුම 3G සේවා ලබන ජුනි 30 වනදායින් අවසන් වන අතර ඔප්ටස් (Optus) පාරිභෝගිකයින්ගේ එම සේවා සැප්තැම්බර් මාසයෙන් අවසන්වීමට නියමිතයි.
ඒ අනුව 3G ජාලයේ දුරකථන පරිශීලකයින් තම අන්තර්ජාලය සේවාව 4G හෝ 5G ජාල සමග ගැලපෙන ආදේශකයකට මාරුවීම අනිවාර්ය වනු ඇති.
භාවිත කරන සිම්පත වෙනස් කිරීමේ සිට ඇතැම් විට දැනට භාවිත කරන දුරකථනය වෙනුවන නව දුරකථනයක් භාවිත කිරීමට සිදුවනු ඇතැයි ද සඳහන්.
සමස්ත 3G ජාලය අවහිර කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ඔස්ට්‍රේලියානු ජංගම විදුලි සංදේශ සංගමය ජනතාව දැනුවත් කර ඇත්තේ.
වඩාත් වේගවත් සහ නව තාක්ෂණය සමග මුසුවීමේ දී 4G සහ 5G වෙත ඔස්ට්‍රේලියානුවන් යොමු කිරීම මෙහි අරමුණ වන අතර අනාගත ප්‍රතිලාභ වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව ද සඳහන්.