ලැව් ගිනි නතර කරන්න අලුත් පර්යේෂණ කිහිපයක්

විදුලි රැහැන් හේතුවෙන් ලැව්ගිනි ඇති වීමේ අවදානම නතර කිරීම සඳහා වික්ටෝරියානු විශ්ව විද්‍යාල දෙකක පර්යේෂකයන් නව තාක්‍ෂණය උපකාරී කර ගනිමින් පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

අවදානම අවම කිරීමට උපකාරී වන උපාංග අත්හදා බලන මෙම පරීක්ෂණ සාර්ථක වුවහොත් එය ලැව්ගිනි නැවැත්වීමට උපකාරී වනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ.

බලශක්ති සමාගම් සහ වික්ටෝරියානු රජය මෙම පර්යේෂණ දෙකටම සහාය දක්වන බව සඳහන්.

2009 වසරේ ඇති වූ ලැව්ගිනි හේතුවෙන් Melbourne හි නිවාස අහිමි වූ මැල්කම් හැකට් (Malcolm Hackett) සහ ඔහුගේ සහායක ඩිආනා රොබට්සන් (Diana Robertson) මෙම පර්යේෂණවලට මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

2009 වසරේ සිදු වූ එම ලැව්ගිනි පිළිබඳ රජය පත් කළ කොමිසමක විමර්ශනයකින් හෙළි වූයේ කිල්මෝර් නැගෙනහිර සිට හැකට්ගේ නිවස දෙසට පැතිර ගිය ගින්න ඇතුළු ඇතැම් ගිනි විදුලි රැහැන් කඩා වැටීමෙන් ඇති වූ ඒවා බවයි.

එම ව්‍යසනයෙන් වසර 15ක් ගතවී ඇතත්, පර්යේෂකයන් තවමත් ලැව්ගිනි නැවැත්වීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන නව තාක්‍ෂණය සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත වෙමින් සිටිනවා.

වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය ඩග්ලස් ගෝමස් විසින් විසන්ධි වූ සන්නායකයක් හඳුනාගෙන එය පොලොව ස්පර්ශ කිරීමට පෙර විදුලිය ඉවත් කිරීම අරමුණු කරගත් උපකරණයක් නිපදවමින් සිටිනවා.

එය තවමත් පරීක්‍ෂා කරමින් පවතින අතර ඉදිරි වසර තුන තුළ එය භාවිතයට ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම තවත් විශ්ව විද්‍යාලයක් විසින් විදුලි පද්ධතියේ දෝෂ හඳුනාගැනීමේ පද්ධතියක් නිර්මාණය කර ඇති අතර, එහි ප්‍රධාන පර්යේෂක මහාචාර්ය ඇලන් වොන්ග් පවසන්නේ, පවර්ලයින් එකක දෝෂ ඇතිවීමට පෙර ඒවා හඳුනාගෙන ආරක්‍ෂිත පියවර ගත හැකි බවයි.

එම පද්ධතිය රේඩියෝ සංඛ්‍යාත සංඥා භාවිතයෙන් විදුලි රැහැන්වල අසාමාන්‍යතාවලට සවන් දී ක්‍රියා කරන බව ඔහු ප්‍රකාශ කළා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »