දකුණු ඇෆ්ගනිස්ථානයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 21 දෙනෙකු මිය ගොස් තවත් 38 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
හෙල්මන්ඩ් පළාතේ ප්‍රධාන අධිවේගී මාර්ගයේදී බස් රථයක් සහ ඉන්ධන ප්‍රවාහන රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පළාත් රථවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ.
මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් මගී බස් රථයක ගැටී ඇති අනතුරුව බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කරමින් තිබූ ඉන්ධන ටැංකියක ගැටී ඇති බව සඳහන්.
තුවාල ලැබූ 38 දෙනාගෙන් 11 දෙනෙකු බරපතල තුවාල සහිතව වෙනත් රෝහල් වෙත මාරු කර යවා ඇති බව හෙල්මන්ඩ් පොලිස් ප්‍රධානියාගේ ප්‍රකාශකයෙකු කියාසිටියා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රධාන වශයෙන් දුර්වල මාර්ග තත්ත්වයන් සහ රියදුරන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ රථවාහන අනතුරු බහුලව දක්නට ලැබෙන බවයි.
2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද ඇෆ්ගනිස්ථානයේ සලාන්ග් පාස්හිදී ඉන්ධන ප්‍රවාහන රථයක් සම්බන්ධ අනතුරක් වාර්තා වූ අතර වාහනය පෙරළී ගිනි ගැනීමෙන් පුද්ගලයන් 31 දෙනෙකු මිය ගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.
ගතවූ මාස 10ක කාලය තුළ ඇෆ්ගනිස්තානයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1600කට අධික පිරිසක් මියගොස් තවත් 4000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.