Search

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් නතර කරන්න අලුත් වැඩක්

දකුණු ඔස්ට්‍රේලියානු පොලිසිය මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම වැලැක්වීමේ අරමුණින් නව මාර්ග ආරක්ෂණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

2023 වසරේදී බටහිර ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හේතුවෙන් සිදුවූ අනතරුවලින් පුද්ගලයින් 22කට ජීවිත අහිමි වු අතර 95දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම වසරේ දකුණු ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව රියදුරන් 5361 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබුණා.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමේ බරපතල තත්වය පෙන්වීමට අදාළ විඩියෝවක් නිර්මාණය කරමින් එය සමාජය පුරා ව්‍යාප්ත කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා

ඒ අනුව මාර්ගවල ඩිජිටල් පුවරු ඔස්සේ ද එම දැන්වීම් ප්‍රදර්ශණය කෙරෙනු ඇති.

මෙම වසරේ මැද භාගය වන විට එම වැඩපිළිවෙල ආරම්භ කරන අතර මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීමෙන් රියදුරන්ට මෙන්ම මහජනතාවට සිදුවන හානි අවම කිරීම මෙහි අරමුණයි.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »