ඔස්ට්‍රේලියාවේ ආර්ථික ගැටලු නිසා දෙමව්පියන් දරුවන් ගැන තීරණයක් ගනී

ඔස්ට්‍රේලියාවේ පවතින ආර්ථික ගැටලු හේතුවෙන් දෙමව්පියන් කුමන වියදම් කප්පාදු කරනු ලැබුවා ද තම දරුවන්ට අදාළ වියදම් සඳහා ප්‍රමුඛතාව දෙන බව අනාවරණය වී තිබෙනවා.

මෙම තොරතුරු හෙළිවී ඇත්තේ ඔස්ට්‍රේලියානුවන් 2,000ක් යොදාගනිමින් සිදු කළ නවතම සමීක්ෂණයක් මගිනුයි.

එහිදී තොරතුරු ලබා දුන් සියයට 55කට ආසන්න පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ පිටතින් ආහාර ගැනීම සහ සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් බැලීම වැනි දෑ මේ වනවිට සීමා කර ඇති බවයි.

සියයට 45ක් පුද්ගලික වාහන සඳහා ඉන්ධන මිළදී ගැනීමේ වියදම් ද තවත් සියයට 43ක් විනෝද චාරිකා සඳහා වන වියදම් ද කපා හැර ඇති බව සඳහන්.

කෙසේවෙතත් දරුවන්ට අදාළ අධ්‍යාපන, ආහාර සහ සෞඛ්‍ය වැනි කරුණු සඳහා වන වියදම් කප්පාදුවකින් තොරව සිදු කරන බවයි සමික්ෂණයට සහභාගීවූවන්ගෙන් බහුතරයක් පවසා ඇත්තේ.

එමෙන්ම සුරතල් සතුන් නඩත්තු වියදම් මෙන්ම ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ සඳහා වන ගෙවීම් ද ඔවුන්ගේ වියදම් අතර ප්‍රමුඛ ස්ථානයක පවතින බව සඳහන් කර තිබුණා.

වියදම් කප්පාදුව අතින් පෙරමුණේම පසුවන වයස් කාණ්ඩය ලෙස හඳුනාගෙන ඇත්තේ අවුරුදු 50ත් 64ත් අතර වැඩිහිටි වයස් කාණ්ඩයයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »