ගෝල්ඩ් කෝස්ට් පොලිසියෙන් බේරෙන්න ජීවිතය අවදානමේ දැමූ සැකකරු

පොලිසියෙන් බේරීම සඳහා ගෝල්ඩ් කෝස්ට්හි නිවාස සංකීර්ණයක පස්වන මහලේ බැල්කනියෙන් පුද්ගලයෙකු පනින ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් වී තිබෙනවා.

ඊයේ පෙරවරුවේ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමෙදී මෙලෙස පළා ගොස් තිබූ අතර පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම පුද්ගලයා බැල්කනියෙන් පහළට පනින ආකාරය එම ප්‍රදේශයේ සිටි අයෙක් විසින් දුරකථනයෙන් රූගත කර ඇති අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ලබා ගෙන සිටි බව කියන මෙම පුද්ගලයා සමග පොලිස් නිලධාරීන් කතා කිරීමට උත්සහ කිරීමේදීයි ඔහු බැල්කනියෙන් පැන ඇත්තේ.

අදාළ වීඩියෝ දර්ශනවල දැක්වුණේ 30 හැවිරිදි මෙම සැකකරු පස්වන මහලේ සිට ඒ ආසන්නයේ තිබූ පිහිනුම් තටාකයට පනින ආකාරයයි.

පසුව අතුරු මාර්ගයකට පැන පළා ගොස් තිබු සැකකරු ඊයේ පස්වරුවේ තම දෙමාපියන්ගේ නිවසට පැමිණි අවස්ථාවේදී පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙතෙක් ඔහුට කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නොමැති අතර, පොලිසිය විමර්ශන සිදු කරමින් පවතිනවා.

පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළි වී ඇත්තේ සැකකරු සුළු තුවාල ලබා ඇති බවයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »