Search

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන ඔබටත් මේ ගැටලු තියෙනවා නම් වහාම පියවරක් ගන්න

ඔස්ට්‍රේලියාව තුළ බලහත්කාරයෙන් කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑම පසුගිය වසර පහ තුළ සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

වංචනික පුද්ගලයන් සංක්‍රමණික කම්කරුවන් ඉලක්ක කර සිදු කරන මෙවැනි ක්‍රියා හමුවේ බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම වසර පහක් තුළ දෙගුණයකින් වැඩි වී ඇති බවයි සමීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ.

2018 වසරේ සිට බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීමට සම්බන්ධ සිදුවීම් 173ක් වාර්තා වී ඇති අතර ඉන් 43ක් පසුගිය 2023 වසරේ පමණක් වාර්තා වීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියාව යනු තාවකාලික සේවකයින් සඳහා සංක්‍රමණ කොරිඩෝවක් වන අතර එහිදී ඔවුන් බලහත්කාරයෙන්, තර්ජනයට ලක් වෙමින් හෝ රැවටීමට ලක්ව කැමැත්තකින් තොරව සේවය කිරීමට සිදුවී ඇතැයි සඳහන්.

කෘෂිකර්මාන්තය, ඉදිකිරීම්, ආගන්තුක සත්කාර සහ නිෂ්පාදන කර්මාන්තවල සිටින සංක්‍රමණික පුද්ගලයන් මෙහිදී වඩාත් අවදානමට ලක්ව තිබෙනවා.

මෙයට හේතුව වීසා තත්ත්වය, සේවක අයිතිවාසිකම් පිළිබඳ පවතින සීමිත අවබෝධය, සංස්කෘතික බාධක සහ සමාජ හුදකලාව වැනි කරුණු වන බවයි ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිස් කමාන්ඩර් හෙලන් ෂ්නයිඩර් කියාසිටියේ.

බලහත්කාරයෙන් ශ්‍රම සූරා කෑම්වලට ගොදුරු වූ ඇතැමුන් ඔවුන්ගේ නව සේවා කොන්දේසි තමන් උපන් රටෙහි සිටීමට වඩා යෝග්‍ය ලෙස සලකන බව ද අනාවරණ වී තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී, වික්ටෝරියා ප්‍රාන්ත ව්‍යාපාරික හිමිකරුවෙකු වීසා බලපත්‍රයක් ලබා ගැනීමට උදව් කිරීමේ පොරොන්දුව යටතේ අඛණ්ඩව වසර දෙකක් සතියේ සෑම දිනකම පැය 14ක් වැඩ කිරීමට පුද්ගලයෙකුට බල කිරීමේ සිදුවීමක් ද වාර්තා වී තිබුණා.

ඇතැමුන්ට වැටුප් නොමැතිව වැඩ කිරීමට බල කර ඇති අතර, ඔවුන්ට ආහාර හා ජලය ස්වල්පයක් ලබා දී කැමැත්තට එරෙහිව ධීවර රැකියාවල ද යොදවා ගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ෆෙඩරල් පොලිසිය පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටියේ බලහත්කාර ශ්‍රමය පිළිබඳ දැනුවත් වන ලෙස සහ රැකියා දීමනා පිළිගැනීමට පෙර සුදුසු ලියකියවිලි මෙන්ම කොන්ත්‍රාත්තු ලබා දෙන ලෙස සේවා යෝජකයන්ගෙන් ඉල්ලා සිටින ලෙසටයි.

ඔබ හෝ වෙනත් පුද්ගලයෙකු මෙවැනි සිදුවීමක් අත්විඳින බව හෝ බලහත්කාර ශ්‍රම සූරාකෑමට ලක්වන බවට සැක කරන්නේ නම් 131 237 ඇමතීමෙන් හෝ www.afp.gov.au හරහා වාර්තා කළ හැකයි.

ඔබ හෝ වෙනත් අයෙක් ඔස්ට්‍රේලියාවේ රැකියාවේදී සූරාකෑමට ලක් වන්නේ නම් ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු සහ සහාය සඳහා Work Right Hub වෙත පිවිසෙන ලෙසට ද දැනුම් දෙනවා.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »