අයිස්ලන්තය ගිනි ගනී

රේක්යානස් (Reykjanes) අර්ධද්වීපයේ ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට එම ප්‍රදේශයෙන් වාර්තා වූ සිව්වන ගිනි කඳු පිපිරිම මෙයයි.

මෙය එම කලාපයේ මෙතෙක් ඇති වූ විශාලතම ගිනි කඳු පිපිරිම ලෙසට සැලකෙන අතර ජනතාව ඉවත් කරනු ලැබූ ග්‍රින්දාවික් නගරය වෙතට ද ලාවා පැමිණෙමින් ඇති බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ.

අයිස්ලන්තයේ වඩාත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වන බ්ලූ ලැගුන් (Blue Lagoon) වෙතින් ද සංචාරකයන් ඇතුලු ජනතාව ඉවත් කර තිබෙනවා.

ගිනි කන්ද පිපිරීම ආරම්භ වූයේ සෙනසුරාදා රාත්‍රී 8ට පමණ වන අතර එමගින් කෙෆ්ලාවික් ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ අනෙකුත් ප්‍රාදේශීය ගුවන් තොටුපළවලට පිපිරීමෙන් බලපෑමක් සිදුවී නොමැති බවයි අයිස්ලන්තයේ සිවිල් ආරක්ෂක සේවය සඳහන් කළේ.

විපතට පත් ප්‍රදේශවලට ඉහළින් හෙලිකොප්ටරයකින් පියාසර කළ අය අතර සිටි භූ භෞතික විද්‍යාඥයෙකු කියාසිටියේ මෙම පුපුරා යාම මෙතෙක් කලාපයේ සිදු වූ බලවත්ම පිපිරීමක් වන බවයි.

ලාවා ගංගා දෙකක් බටහිරට සහ දකුණට ගමන් කරමින් පවතින බැවින් ඒවා මුහුදට ගලා යා හැකි බවට ද පැවසෙන අතර
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ගිනිකඳු ක්‍රියාකාරිත්වය අඩු වුවහොත් එය සිදු නොවනු ඇති බවයි.

එම ලාවා මුහුදු ජලය සමඟ සම්බන්ධ වුවහොත් භයානක වායූන් හට ගැනීම සහ තවත් කුඩා පිපිරීම් සිදුවිය හැකි බව නෝර්වීජියානු කාලගුණ විද්‍යා ඒජන්සියේ ස්වභාවික විපත් පිළිබඳ විශේෂඥයෙකු පවසා තිබෙනවා.

මේ අතර, බටහිර දෙසට ගමන් කරන ලාවා ග්‍රින්දාවික් වෙත දිවෙන මාර්ගයට ළඟා වී ඇති බව වාර්තා වනවා.

මාර්ගයේ ඇති ෆයිබර් ඔප්ටික් කේබල්වලට හානි විය හැකි බවට සැකයක් පවතින අතර එමගින් දුරකථන සහ අන්තර්ජාල සේවාවන්ට බාධා ඇති කරනු ඇති.

මැග්මා නගරයේ දළ වශයෙන් 4,000 පදිංචිකරුවන්ට මාසයකට පමණ පෙර ඔවුන්ගේ නිවෙස් කරා ආපසු යාමට අවසර ලැබුණේ ජනවාරි මාසයේ ඇති වූ පිපිරීමකින් අනතුරුවයි.

අයිස්ලන්තයේ සක්‍රීය ගිනිකඳු පද්ධති 33ක් ඇති අතර එය පෘථිවියේ විශාලතම භූ තල දෙකක් අතර මායිම වන අත්ලාන්තික් කඳුවැටියට ඉහළින් පිහිටා තිබෙනවා.

රේක්යානස් (Reykjanes) අර්ධද්වීපයේ අවසන් වරට ගිනිකඳු සක්‍රීයව පැවතියේ මීට වසර 800 කට පෙර වන අතර එම පිපිරීම් දශක කිහිපයක් පුරා සිදු වී තිබුණා.

මේ වන විට සිදු වන පිපිරිම 2021 වසරේ සිට සිදු වූ හත්වන පිපිරුම වන අතර විද්‍යාඥයින් පවසන්නේ මෙම ප්‍රදේශය දශක කිහිපයක් හෝ සියවස් ගණනක් පැවතිය හැකි නව ගිනිකඳු යුගයකට අවතීර්ණ වන බවයි.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »