Search

කුලී රථ රියදුරන් පිරිසකගේ බලපත්‍ර තහනම් කරන්න සැලසුම්

මගීන්ට හිරිහැරයක් වන ආකාරයෙන් හෝ තර්ජනාත්මක ආකාරයෙන් හැසිරෙන කුලී රථ රියදුරන්ගේ බලපත්‍ර තහනම් කිරීම සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත බලධාරින්ගේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව වැඩි ගාස්තු අය කරන හෝ මගීන් ප්‍රතික්ෂේප කරන Taxi රියදුරන්ගේ හැසිරීම් ඇතුලත් දත්ත පද්ධතියක් සකස් කිරීමටයි ප්‍රාන්ත රජය සැලසුම් කර ඇත්තේ.

එම නව සැලසුම් යටතේ වැරදිකරුවන් වන රියදුරන් අසාදු ලේඛනගත කිරීමේ හැකියාවක් ද පවතින බව සඳහන්.

ප්‍රවාහන කොමසාරිස්වරයා කුලී රථ කර්මාන්තයේ නිරත වන්නන් සමඟ එක්ව රියදුරු දත්ත ගබඩාව පුළුල් කිරීම සඳහා නීති විරෝධී ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට කටයුතු කරනු ඇති.

රියදුරන්ගේ සුදුසුකම්, රිය පැදවීම සම්බන්ධ වැරදි සහ අපරාධ ඉතිහාසයට අමතරව ගාස්තු අය කිරීම් සම්බන්ධ වැරදි ඇතුළුව කරුණු සම්බන්ධයෙන් කොමසාරිස්වරයා සොයා බැලීමට නියමිතයි.

නැවත නැවතත් එවැනි වැරදි සිදු කරන්නන් කුලී රථ කර්මාන්තයෙන් සම්පූර්ණයෙන්ම නෙරපා හැරීම ඇතුලු දැඩි දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය ජෝ හේලන් පැවසුවේ, කාලයක සිට කුලී රථ කර්මාන්තය සහ ඒවා භාවිතයට ගන්නා මගීන් සංඛ්‍යාව පහත වැටී ඇති බවයි.

කුලී රථ කර්මාන්තයේ කීර්ති නාමයට හානි කරන එවැනි රියදුරන් හේතුවෙන් නිවැරදි දේ කරන සහ ප්‍රජාවට සේවය කරන බහුතරයකට අසාධාරණ ලෙස බලපාන බැවින් එම නීති පද්ධතියේ අඩුපාඩු ඇති බවයි අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් 70කට අධික සංඛ්‍යාවක් ද යොදා ගනිමින් කුලී රථ රියදුරන් සම්බන්ධයෙන් මෙම නිරීක්ෂණ වැඩපිළිවෙල සිදු කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියාවෙන් වසර 20කට ක්‍රිකට් තහනමක්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More »