
ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය අවහිර කිරීම හමුවේ පාරිභෝගිකයින් 740,000කට පමණ Triple Zero හෙවත් ජාතික හදිසි දුරකථන අංකය ඇමතීමට නොහැකි බවට හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු විදුලි සංදේශ බලධාරීන් 3G ජාලය 4G වෙත මාරු කිරීම ආරම්භ කිරීම හේතුවෙනුයි 3G භාවිත කරන ඇතැම් දුරකතන පරිශීලකයින්ට මෙලෙස ගැටලු මතුවී ඇත්තේ.
විදේශ රටවලදී මිල දී ගෙන ඔස්ට්‍රේලියාවට ගෙන එන ලද ඇතැම් ජංගම දුරකථනවල බොහෝ සේවාවන් සඳහා 4G භාවිතා කළද Triple Zero ඇමතුම් සඳහා 3G ජාලය අවශ්‍ය බවට හඳුනාගෙන තිබෙනවා.

පසුගියදා හදිසි ඇනහිටීමකදී ට්‍රිපල් සීරෝ ඇමතීමට සහවෛද්‍යවරුන් වෙත ළඟා වීමට නොහැකි වූ මෙල්බර්න්හි පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව මේ සම්බන්ධයෙන් වැඩි කතා බහක් මතුවී ඇතැයි සඳහන්.
3G ජාලයෙන් 4G වෙත මාරු වීමට රජය සහාය දෙන අතර, වෙළඳපොලේ ඇති ඇතැම් ජංගම දුරකථන හදිසි සේවා සම්බන්ධ කර ගැනීමට සුදුසු පරිදි සකස් කර නොමැති නොමැති බව ඔස්ට්‍රේලියානුවන් දැන සිටීම වැදගත් බවයි සන්නිවේදන අමාත්‍ය මිචෙල් රෝලන්ඩ් (Michelle Rowland) ප්‍රකාශ කළේ.

රජය මෙම ගැටලුව සමීපව අධීක්‍ෂණය කරන අතර මහජන අවශ්‍යතා සඳහා අවශ්‍ය නම් නීතිය යටතේ ඇති විකල්පයන් සලකා බලනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
ඇතැම් දුරකථන සමාගම් 3G ජාලය අවහිර කිරීම ජනවාරි 30 වන දින ආරම්භ කළ අතර ටෙස්ල්ස්ට්‍රා (Telstra) ජුනි 30 සහ ඔප්ටස් (Optus) සැප්තැම්බර් 1 වන දින සිට එම පියවර අනුගමනය කිරීමට නියමිතයි.
ෆෙඩරල් රජය ඕස්ට්‍රේලියානු ජංගම විදුලි සංදේශ සංගමයෙන් ඉල්ලා ඇත්තේ 4G ජාලයට මාරුවන පාරිභෝගිකයන්ගේ එම පියවර ආරක්ෂිත කිරීම සඳහා සොයා බලන ලෙසටයි.