මෙල්බන් නුවර Snake Hunter සුවය ලබන ලකුණු

මාරාන්තික සර්ප දෂ්ඨනයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු මෙල්බන් නුවර සර්පයන් අල්ලන්නා නොහොත් ස්නේක් හන්ටර් ලෙසට හැඳින්වෙන මාර්ක් පෙලී මේවන විට සුවය ලබමින් සිටින බවට වාර්තා වනවා.

සර්ප දෂ්ඨනයෙන් පසු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් සමඟ සටන් කරමින් ප්‍රතිකාර ලැබූ ඔහු මේ වන විට ඉන් ඉවත් කර වෙනත් වාට්ටුවකටට ඇතුලත් කර ඇති අතර සුවවීමේ සලකුණු පෙන්වමින් සිටින බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

සර්ප දඩයක්කාරයා නොහොත් ස්නේක් හන්ටර් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන මාර්ක් පෙලී පසුගිය සතියේ සර්පයෙකු ඇල්ලීමට යාමේදී උපකරණ කැඩී යාමෙන් එම සර්පයා ඔහුගේ අත සපා කා තිබුණා.

රෝහලට ගෙන ගොස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඔහුගේ තත්ත්වය සීඝ්‍රයෙන් දුර්වල වී රක්තපාත තත්ත්වයට පත්වූ බව සඳහන්.

තම පියා මේ වන විට හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ඉවත් කර ඇති අතර ඔහු සුව වීමේ ලකුණු පෙන්වමින් සිටින බවයි දියණිය ප්‍රකාශ කර ඇත්තේ.

මෙය වසර 14කට පසු තම පියාට සිදු වූ බරපතල සර්ප දෂ්ඨනය බව ද ඇය සඳහන් කළා.

මාර්ක් පෙලී මෙල්බර්න් නුවර පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ නේවාසික ප්‍රදේශවලින් විෂ සහිත සර්පයන් ඉවත් කර ආරක්ෂිතව වෙනත් ස්ථාන වෙත රැගෙන ගොස් දැමීම සඳහායි.

මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වාර්තා අනුව පෙලීට දෂ්ට කළ සර්පයන් හේතුවෙන් අංශභාගය, රුධිරය කැටි නොගැසීම, මාංශ පේශිවලට හානි මෙන්ම වකුගඩු අකර්මණ්‍ය වීමට ද හේතු විය හැකි බව සඳහන්.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »