විදේශ ඇමතිනිය දිගු කාලීන සහකාරිය සමග නිහඬවම විවාහ වෙයි

විදේශ අමාත්‍ය පෙනි වොන්ග් (Penny Wong) තම දිගු කාලීන සහකාරිය වන සොෆි ඇලූච් (Sophie Allouche) සමග විවාහ වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඇඩිලේඩ් හිල්ස්හි වයින් කර්මාන්ත පිහිටි උත්සව ශාලාවකදී මෙම විවාහ ගිවිස ගැනීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

එම උත්සව අවස්ථාව ඉතා නිහඬ මෙන්ම ප්‍රසිද්ධියකින් තොරව සිදුවී ඇතැයි ද සඳහන්.

මෙම මංගල අවස්ථාවේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමින් විදේශ ඇමතිවරිය මේබව හෙළි කර තිබෙනවා.

පවුලේ අය සහ මිතුරන්ට මෙම විශේෂ දිනය තමන් සමඟ බෙදා ගැනීමට හැකි වීම ගැන සතුටු වන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

මාධ්‍ය වාර්තාවලට අනුව මෙම විවාහ උත්සවය සඳහා ආරාධනා පත්‍ර යවා ඇත්තේ පසුගිය වසරේ අගභාගයේදී පමණ බව සඳහන්.

පැමිණ සිටි ආරාධිතයන් අතරට අගමැති සහ ඔහුගේ සහකාරිය වන ජෝඩි හේඩන්, නියෝජ්‍ය අගමැති රිචඩ් මාල්ස්, සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සහ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් ඇතුළත් වුණා.

මෙම යුවළගේ දරුවන් දෙදෙනා වන 12 හැවිරිදි ඇලෙක්සැන්ඩ්‍රා සහ 8 හැවිරිදි හැනා උත්සවයේ මල් කුමරියන් ලෙසට යොදාගෙන තිබූ බව සඳහන්.

මීට වසර 20කට පමණ පෙර පෙනි වොන්ග් සහ සොෆි ඇලූච් හඳුනාගෙන තිබෙනවා.

2017 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ සම ලිංගික විවාහ නීතිගත කිරීමට පෙර පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත සමලිංගික විවාහ අයිතිය සඳහා උද්ඝෝෂණ ද සිදු කළ අයෙක් ලෙසටයි විදේශ අමාත්‍යවරිය සැලකෙන්නේ.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »