2017න් පසු පළමු වරට සෝමාලියා කොල්ලකරුවන්ට අමතක නොවන මෙහෙයුමක්

ඉන්දීය සාගරයේදී මෝල්ටා රාජ්‍යයේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පැහැරගත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන එම නෞකාව නිදහස් කර ගැනීමට ඉන්දීය කොමාන්ඩෝ භටයින් පිරිසක් සමත් වී තිබෙනවා.

එම් වී රුඑන් (MV Ruen) නෞකාව පසුගිය දෙසැම්බර් මාසයේදීයි ඉන්දීය වෙරළ තීරයේ සිට කිලෝමීටර් 2,600ක් පමණ දුරින් සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේදී කැරළිකරුවන් විසින් අල්ලා ගනු ලැබුවේ.

මෙම නෞකාව නිදහස් කර ගැනීම 2017 වසරෙන් පසු සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සම්බන්ධ යාත්‍රාවක් අත්පත් කරගත් පළමු සාර්ථක මෙහෙයුම ලෙසටයි සැලකෙන්නේ.

ඉන්දීය යුද නෞකාවක සිටි විශේෂ කොමාන්ඩෝ භටයින් පිරිසක් අදාළ නෞකාව නිදහස් කර ගනිමින් කොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනාට ද කිසිදු තුවාලයක් හෝ සිදු වී නැහැ.

නාවික හමුදාව ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ නෞකාවේ නීතිවිරෝධී ආයුධ, පතොරම් සහ තහනම් ද්‍රව්‍ය තිබේදැයි පරීක්ෂා කර ඇති බවයි.

පසුගියදා සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේදී බංග්ලාදේශ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් කොල්ලකරුවන් විසින් අත්පත් කර ගැනීම සඳහා ද එම් වී රුඑන් යාත්‍රාව භාවිතා වන්නට ඇතැයි යුරෝපා සංගමයේ නාවික හමුදාව ප්‍රකශ කළා.

බටහිර රටවල් යේමනයේ හූතිවරුන්ගේ ප්‍රහාර කෙරෙහි අවධානය යොමු කරන බැවින් මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව ආරක්ෂාව සැපයීම සඳහා ඉන්දියාව යුද විශාල ප්‍රමාණයක් රතු මුහුදදේ මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා.

පසුගිය දෙසැම්බර් පළමු වැනිදා සිට සෝමාලියා කොල්ලකරුවන් විසින් පැහැරගැනීම්, පැහැර ගැනීමට තැත් කිරීම් සහ සැක කටයුතු ප්‍රවේශයන් 17ක් ඉන්දීය නාවික හමුදාව විසින් වාර්තා කරඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »