අතුරුදන් වූ සමන්තා මර්ෆි වෙනුවෙන් 100ක් පාරට එයි

ඝාතනයට ලක්වූ බව පැවසෙන සමන්තා මර්ෆි වෙනුවෙන් වික්ටෝරියා හි බටහිර ප්‍රදේශයේ දිවීමේ ඉසව්වක් සංවිධාන කර තිබෙනවා.

අද පෙරවරුවේ පැවති මෙම ධාවන ඉසව්ව වෙනුවෙන් 100 කට වැඩි පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

51 හැවිරිදි සමන්තා මර්ෆි අතුරුදන් වූයේ පෙබරවාරි 4 වනදා උදෑසන බැලරට් හි පිහිටි නිවසින් ව්‍යායාම සඳහා පිටව යාමෙන් අනතුරුවයි.

සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුව ද ඇයගේ සිරුර තවමත් සොයාගෙන නැහැ.

මෙම සිද්ධියත් සමග කාන්තාවන්ට ආරක්‍ෂාව සහ සහයෝගය ලබා දීම සඳහා දිවීමේ ඉසව්වක් ආරම්භ කර ඇත්තේ සිඩ්නිහි පිහිටි ශාරීරික යෝග්‍යතා පුහුණු මධ්‍යස්ථානයක් මගින්.

අතුරුදන් වූ කාන්තාව වෙනුවෙන් විනාඩියක නිහඬතාවකින් අනතුරුව මෙම කණ්ඩායම සමන්තා මර්ෆි තම නිවසින් පිටව ගිය පසු ගමන් කළ මාර්ගය යැයි විශ්වාස කෙරෙන මාර්ගය ඔස්සේ කිලෝමීටර් 7ක් පමණ දිවීම සිදු කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම කාන්තාවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන අතර සිරුර සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නොමැති බවයි.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »