Search

ළමයින් සමග නිවසක සිටි දැවැන්තයා ආරක්ෂක අංශ රැගෙන යයි

නිව් යෝර්ක් නිවසක පිහිටි පිහිනුම් තටාකයක නීතිවිරෝධී ලෙස තබාගෙන සිටි කිලෝග්‍රෑම් 340ක් බර කිඹුලෙකු ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම සත්වයා සමඟ ළමයින් ඇතුළු පුද්ගලයින්ට පිහිනීමට ඉඩ දී තිබියදීත් අනාරක්ෂිත තත්වයක් මෙතෙක් ඇති නොවූ බවටයි නිවසේ හිමිකරු ප්‍රකාශ කර ඇත්තේ.

නිවසේ හිමිකරු තම නිවසට අමතර කොටසක් එක් කර මීටර් 3.4ක් දිග කිඹුලා සඳහා පිහිනුම් තටාකයක් ඉදි කර තිබූ අතර එහි බැස ජල ක්‍රීඩා කිරීමට දරුවන්ට ද ඉඩ ලබා දී තිබූ බව සඳහන්.

මෙම කිඹුලාගේ ඇස් දෙකම නොපෙනෙන අතර කොඳු ඇට පෙළේ සංකූලතා වැනි සෞඛ්‍ය ගැටලු ද පවතින බවටයි වාර්තා වී ඇත්තේ.

කිඹුලා තබා ගැනීමට ඇති බලපත්‍රය 2021 වසරේ දී කල් ඉකුත් වී ඇති අතර රජය විසින් තීරණය කරන ලද රඳවන ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලීමට ද හිමිකරු අපොහොසත් වී තිබෙනවා.

ටෝනි කැවාලාරෝ නම් ඔහු මාධ්‍ය වෙත පැවසුවේ 1990 ගණන්වල සිට “ඇල්බට්” නම් කිඹුලා තමා සමඟ සිටින අතර එම සත්වයා නැවත ලබා ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »