Search

කැනඩාවේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් කටයුතු අද

කැනඩාවේ ඔටාවාහිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 6 දෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා.

ඔටාවා හි ඉන්ෆිනිටි සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වෙන මෙම අවසන් කටයුතු සංවිධාන කර ඇත්තේ කැනඩාවේ බෞද්ධ කොන්ග්‍රසය විසින්.

කැනඩාවේ වේලාවෙන් පස්වරු 1ට ආරම්භ කෙනෙ අවමංගල්‍ය උත්සවය සියලු ආගම් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් විවෘතව සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ධනුෂ්ක වික්‍රමසිංහ ද අවමංගල්‍ය අවස්ථාවට එක්වීමට නියමිතව තිබෙනවා.

ඔටාවා අගනුවර සිට කිලෝමිටර් 15ක් පමණ දුරින් පිහිටි බැර්හෙවන් ප්‍රදේශයේ නිවසකදී කුඩා දරුවන් ඇතුලු එකම පවුලේ සාමාජිකයන් 5 දෙනෙකු ඇතුලු 6 දෙනෙකු මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ පසුගිය බදාදා රාත්‍රියේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

එම සැකකරු අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කැනඩාවට ගොස් සිටි අතර මෙම පවුල සමඟ හිතවත්ව ඔවුන්ගේ නිවසේ කලක් ජීවත් වූ අයකු බව සඳහන්.

මෙම තරුණයා අන්තර්ජාලයේ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ අයෙක් බව ද අයකු බව ද කැනඩා ආරක්ෂක අංශ අනාවරණ කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ඔස්ට්‍රේලියා පාපන්දු කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති බවට වාර්තා වනවා.

Read More »