දැරිය නොහැකි කුලී නිවාස අර්බුධය හේතුවෙන් රට පුරා පවුල් ඒකක 640,000කට අධික පිරිසක් දැඩි අවධානමකට ලක්ව ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
ඒ අනුව අධික ජීවන වියදම හමුවේ පුද්ගලයින් විකල්ප වාසස්ථාන වෙත යොමුවීමේ ප්‍රවණතාවක් ද පවතින බව සඳහන්.
මූල්‍ය ආතතිය හේතුවෙන් පුද්ගලයින් වාහන තුළ, උද්‍යාන ආශ්‍රිත කදවුරු බැඳ සහ හිත මිතුරන්ගේ නිවෙස්හි සෝපා මත නිදා ගැනීමට පෙළඹ ඇති බවයි වාර්තා වන්නේ.
ජීවන වියදම හමුවේ කුලී නිවාස මිලදී ගැනිමට ප්‍රමාණවත් මුදලක් නොමැති වීම රට තුළ බරපතල ගැටලුවක් බවට ද හඳුනාගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය විසින් නිකුත් කළ වාර්තා අනුව පෙනි යන්නේ නිවසක් නොමැතිව පීඩා විඳින සංඛ්‍යාව පසුගිය වසරේ සිට ඉහළ අගයක් ගන්නා බවයි.
මේ වන විටත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය විසින් නිවාස අහිමි පුද්ගලයින් 273,600 දෙනෙකු සහන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් පුද්ගලයින් 108,000 සහන සේවා සඳහා ඉල්ලුම් කර ඇති බව සඳහන්.
නිවාස අර්බුදය ජාතික ප්‍රශ්ණයක් බවට පත්ව ඇති අතර බලධාරීන් මේ සඳහා කඩිනම් තිරසාර විසඳුම් ලබා දිය යුතු බවයි ආර්ථික විශේෂඥයින් අවධාරණය කර ඇත්තේ.