ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් ලබන අප්‍රේල් මාසයේ සිට තවදුරටත් පුලුල් කිරීම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ අනුව ලබන අප්‍රේල් පළමුවනදායින් පර්ත් සිට ඇඩිලේඩ් දක්වා සෘජු ගුවන් ගමන්වාර ආරම්භ කිරීමට නියමිතයි.

එසේම එම සේවා යටතේ නැවත අඩිලේඩ් සිට පර්ත් දක්වා පැමිණිමට අදාළ ටිකට් පත් දෙකම ඩොලර් 1754ක මිලට වෙන්කරවා ගැනීමේ හැකියාව පවතිනවා.

පර්ත් සිට ඇඩිලේඩ් දක්වා වූ දුර ප්‍රමාණය කිලෝමීටර 2694ක් පමණ වන අතර ඉතා පහසු මිල ගණන් යටතේ අභ්‍යන්තර ගුවන් සේවා සහය ලබා ගැනීමට ජනතාවට මෙමගින් අවස්ථාව හිමිවනු ඇති.

මේ අතර පර්ත් සිට ලන්ඩන් බලා සෘජු දිගු දුර ගුවන් සේවා ආරම්භ කිරීමට ද නියමිත අතර පහසු මිලගණන් යටතේ මගීන් සඳහා ටිකට්පත් ලබා දීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.

ලබන අප්‍රේල් 2වනදා සිට 9 වනදා දක්වා මෙම අභ්‍යන්තර ගුවන් සේවා භාවිත කිරීම වෙනුවෙන් දැනටමත් මගීන් විශාල පිරිසක් ටිකට්පත් වෙන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »