ඉන්දීය මහ මැතිවරණය එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවලදී අදියර හතක් යටතේ පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.
මැතිවරණ ප්‍රතිඵල ජුනි මස 4 වනදා ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමසාරිස් රජිව් කුමාර් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ.
මිලියන 968ක පමණ ඡන්ද දායකයින් පිරිසක් සිටින ඉන්දියාවේ මැතිවරණය ලොව පැවැත්වෙන විශාලතම මැතිවරණයක් ලෙසට සැලකෙනවා.
ඇතැම් ප්‍රාන්තවල මැතිවරණය අදියර කිහිපයක් යටතේ පැවැත්වෙන අතර ඡන්ද විමසීම අප්‍රේල් 19 වනදා ආරම්භ වී ජුනි පළමු වනදා අවසන් වන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
තුන්වන වරටත් බලයට පත්වීමට අපේක්ෂාවෙන් සිටින නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) සහ එහි මිත්‍ර පාර්ශ්වයන් මෙවරත් ජයග්‍රහණය කරනු ඇති බවටයි මත විමසුම් මගින් පුරෝකථනය කර ඇත්තේ.
කොන්ග්‍රසය ඇතුළු පක්ෂ විශාල සංඛ්‍යාවක් මෙම මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට එරෙහිව සන්ධානයක් ද පිහිටුවා තිබෙනවා.
ඉන්දියාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට ආසන 543ක් ඇති අතර ඕනෑම පක්ෂයකට හෝ සන්ධානයකට රජයක් පිහිටුවීම සඳහා අවම වශයෙන් මන්ත්‍රීවරුන් 272ක් අවශ්‍ය වනවා.
නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය 2019 මැතිවරණයේදී ආසන 543න් 303ක් ජයග්‍රහණය කර තිබු අතර මෙවර ඔවුන් පවසන්නේ තම ඉලක්කය අවම වශයෙන් ආසන 370ක් දිනා ගැනීම බවයි.