මෙල්බන් නුවර විරෝධතා මැද දරු ප්‍රසූතියක්

දේශගුණික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලෙස ෆෙඩරල් රජයට බල කරමින් අද මෙල්බර්න් නුවර පැවති විරෝධතවලදී පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සතියක් පුරා පැවති විරෝධතා අද පස්වරුවේ අවසන් කෙරුණේ පාගමනකින් අනතුරුවයි.

සවස 4 ට පමණ විරෝධතාකරුවන් පිරිසක් ට්‍රෑම් රථ ධාවන මාර්ගයේ මැද වාඩි වී සිටීම නිසා දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබු බවයි වාර්තා වන්නේ.

අනතුරුව ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට් ස්ටේෂන් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙමින් සිටි පිරිසක් අත්අඩංගුවට පත් වුණා.

පොලිසිය පැවසුවේ මාර්ගය අවහිර කිරීමේ චෝදනා මත විරෝධතාවයේ නිරත 300ක පමණ පිරිස අතරින් 30 දෙනෙකු පමණ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

පසුව විරෝධතාකරුවන් සවස 5 ට පමණ ෆ්ලින්ඩර්ස් වීදියෙන් පිටත්ව විරෝධතාව ආරම්භ වූ උද්‍යානය දෙසට ආපසු ගමන් කර තිබෙනවා.

විරෝධතාකරුවන් මාර්ගයේ ගමනාගමනයට බාධා කිරීම සඳහා ට්‍රක් රථයක් භාවිතා කර තිබූ අතර ඒ හේතුවෙන් දහස් ගණනක් මාර්ග තදබදයට සිරවී සිටි බව ද සඳහන්.

රෝහලට යන අතරමගදී වාහන තදබදයට හසු වූ එක් කාන්තාවක් තම මෝටර් රථය තුළම දරු ප්‍රසූතියක් ද සිදු කර තිබෙනවා.

පසුව ඇය බිළිඳා ද සමග ගිලන් රථයක් මගින් රෝහලට රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »