
කාන්තා හිංසන හේතුවෙන් ඔස්ට්‍රේලියානු කාන්තාවන් 58 දෙනෙකු පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනාවරණ වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය තුළ කාන්තා හිංසන වළක්වාලීම සම්බන්ධ ලිපි 50,000 කට අධික ප්‍රමාණයක් 2023 වසරේ පලකර තිබුණ ද ප්‍රචණ්ඩ ක්‍රියාවල කිසිදු අඩුවීමක් පෙන්නුම් නොකරන බවයි වාර්තා වන්නේ.
වයිට් රිබන් පදනමේ ප්‍රධාන විධායක මෙලිසා පෙරී කියාසිටියේ මාධ්‍ය හරහා පළවන ලිපි ඔස්ට්‍රේලියානු පුරුෂයන්ට තවත් එක් ප්‍රවෘත්තියක් පමණක් නොවිය යුතු බවයි.

ඔස්ට්‍රේලියානු පුරුෂයන්ගෙන් සියයට 86ක් පමණ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පාලනය සඳහා තම දායකත්වය අත්‍යාවශ්‍ය බව වටහාගෙන ඇති බව සඳහන්.
එහෙත් ඉන් සියයට 63ක් ම ඒ සඳහා දායක විය යුත්තේ කෙසේ ද යන්න පිළිබද අවබෝධයක් නොමැති බවයි වයිට් රිබන් පදනම විසින් සිදුකල සමීක්ෂණයක දී තහවුරු වී ඇත්තේ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සඳහා පිරිමින්ගේ ආකල්පමය වෙනසක් ඇතිකිරීමට අදාළ සංවාද පැවැත්විය යුතු බව ද එහිදී යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩක්‍රියා සිදුවීම් දැනුම් දිම සදහා පැය 24 පුරා 1800 අංකය ඔස්සේ ජාතික ගෘහස්ථ හිංසන සේවය හා සම්බන්ධවීමට හැකියාව ද පවතිනවා.