දකුණු ඔස්ට්‍රේලියාවේ තීරණාත්මක මැතිවරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ස්වදේශික ජනතා නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනවා.

කලාප 6ක ආසන 46ක් නියෝජනය කරමින් මෙවර මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 113ක්.

ඉන් 12 දෙනෙකු දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවට තොරා පත්කර ගැනීමට නියමිතයි.

ඡන්ද මධ්‍යස්ථාන 30කට වැඩි සංඛ්‍යාවක අද ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීම තම කැමැත්ත පරිදි ස්වෙච්ඡාවෙන් සිදු කළ හැකියාව පවතිනවා.

එම අවස්ථාව හිමි වන්නේ ලියාපදිංචි වූ ස්වදේශිකයින්ට පමණක් වන අතර ස්වදේශිකයින් 30,000ක් පමණ මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශයට සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

අද සවස 6 ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වන අතර ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රජාවන්ගේ තැපැල් ඡන්ද ලබා ගැනීමට ඉඩ සැලසීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් ඡන්ද ගණන් කිරීම මාර්තු 25 දක්වා කල් දමා තිබෙනවා.

පාස්කු නිවාඩුවෙන් පසු අප්‍රේල් මස මුල දක්වා ගණන් කිරීම අඛණ්ඩව සිදු කරගෙන යා හැකි බව කොමිසම ප්‍රකාශ කළා.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »